Hela Rahas

Hela Rahas Official Web Portal

විවිධ රටවල භාවිතා කරන අමුතු ආකාරයේ වැසිකිළි පුරුදු 8ක්

වැසිකිළි භාවිතා කිරීම දෛනික අවශ්‍යතාවකි. නිවසේදී නම් අපට කිසිඳු ගැටලුවක් නොමැතිව වැසිකිළිය භාවිතා කිරීමට නිදහස තිබෙනවා. නමුත්, නිවසින් පිටතදී ඔබට වැසිකිළි අවශ්‍යතාවයක් ඇති වුණොත් ඔබට ඇති එකම පිලිසරණ තමයි පොදු වැසිකිළියක් භාවිතා කිරීම. පොදු වැසිකිළි වල තත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. නිවසේ තරම් සැපපහසුවක් සහා සනීපාරක්ෂාවක් පොදු වැසිකිළි භාවිතයේදි බලාපොරොත්තු විය නොහැකි තරම්ය. මේ කියන්න සූදානම් වෙන්නේ පොදු වැසිකිළි වලට සම්බන්ධ අපූරු පුවතක්. එකිනෙකට වෙනස් සම්ප්‍රදායන්ට අනුව සකසා ඇති බව නිරීක්ෂණය කල හැකි ලොව විවිධ රටවල දැකිය හැකි අමුතු ආකාරයේ පොදු වැසිකිළි භාවිතාවන් කිහිපයක තොරතුරු ගැනයි මේ.

1.කොරියාවේ පොදු වැසිකිළිවල විශේෂ සබන් වර්ගයක් දැකිය හැකියි

  • මෙම සබන් කැටය බිත්තියට කම්බියකින් සවිකර ඇත. අත් පිරිසිදු කරගැනීමට නම් එය අතින් එය ඇතිල්ලීමට සිදුවෙනවා.

2.ජපානයේ ඇතැම් පොදු වැසිකිළි වල emergency button එකක් සවිකර ඇත

  • මෙය ඉතාම වැදගත් සැකැස්මක් වෙනවා. නමුත් ඇතැම් විදේශකයින් මෙය ෆ්ලෂ් කරන බොත්තම කියා වරදවා වටහාගෙන භාවිතා කිරිම නිසා අකරතැබ්බ වලට මුහුණ දෙන බවයි කියන්නේ.මෙය නාද කිරීමෙන් ආරක්ෂක අංශයට සංඥාවක් ලබාදෙන අතර ඔවුන් යම් කෙනෙකුට උපකාර අවශ්‍ය බව ඉන් හඳුනාගනිති. ජපානයේ වැඩිහිටි ජනගහනය අධික නිසා ඔවුන් හට සැපපහසුකම් සැලසිමේ වැඩපිළිවෙලක් ලෙසයි මෙය සකසා ඇත්තේ.

3.ජපානයේ වැසිකිළි වල sound princess නම් සංගීත පද්ධතියක් සහිතය

  • වැසිකිළිය භාවිතා කරන විට පිටත සිටින්නන් හට ඇසෙතැයි ජපන් කාන්තාවන්ට දැනෙන අපහසුතාව ඊට පිළියමක් ලෙස මෙම සංගීත උපාංගය නිර්මාණය කර ඇත. එමඟින් වතුර ගලායන ආකාරයේ ශබ්දයක් ඇතිකරයි.මින් සැබෑවටම ෆ්ලෂ් කිරීමේ අවශ්‍යතාවක් ඇති නොකරන නිසා ජලය අනවශ්‍ය ලෙස අපතේ යාම සිදුනොවේ.

4.මිටි වැසිකිළි පෝච්චි සහිත වැසිකිළි තවමත් චීනයේ බොහෝ ස්ථාන වල දැකිය හැකියි

  • සාම්ප්‍රදායික මිටි වැසිකිළි පෝච්චි චීනයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකියි. විශේෂයෙන්ම පොදු වැසිකිළි මේ ආකෘතියෙන් සකසා තිබේ.ඒ අතර උස් වැසිකිළි පෝච්චි ද සවිකර ඇත.

5.කාම්බෝජියාවේ වැසිකිළි වට වතුර ස්ප්‍රේ කරන බටයක් ඇත

  • කාම්බෝජයේ පොදු වැසිකිළියක් දැකිය හැක්කේ ඉඳහිටය. අපද්‍රව්‍ය නළ පද්ධති වලට වැසිකිළි කඩදාසි බැහැර කිරීම ගැටලුසහගත නිසා වැසිකිළි භාවිතා කරන්නන් හට ඒවා එක් බාස්කට් එකකට දැමීමට සිදුවේ.වැසිකිළි භාවිතයෙන් පසු සෝදා පිරිසිදු කරගැනීමට හා වැසිකිළිය ෆ්ලෂ් කිරීමට එක් ස්ප්‍රේ බටයක් සවි කර ඇත.

6.ඇ.එ.ජ. , කැනඩාව, ජපානය හා තායිලන්තය ආදි රටවල ලිංගභේදයෙන් තොරව ඕනම කෙනෙකුට පොදුවේ භාවිතා කල හැකි වැසිකිළි ඇත

  • විශේෂ අවශ්‍යතා ඇති, ආබාධිත, වැඩිහිටි සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ආදි පුළුල් පරාසයක පුද්ගලයින්ට විවෘතව ගැටලුවක් නොමැතිව භාවිතා කල හැකි වැසිකිළි පද්ධති මේ රටවල් වල ඉදිකර ඇත. විශේෂයෙන්ම දරුවාට වැසිකිළි භාවිතයට උදවු කිරීමට සිදුවන දෙමාපියන්ට මෙය ප්‍රයෝජනවත් ය.

7.ඇන්ටාර්ක්ටිකාවේ ජනයා භාවිතා කරන්නේ ජංගම වැසිකිළි වේ

  • ඇන්ටාර්ක්ටිකාවේ වැසිකිළි සඳහා කූඩාරම් සකසා ඇති බව සඳහන් වේ. මල බැහැර කිරීම සඳහා වන වැසිකිළි පෝච්චි එහමැහා ගෙන යා හැකි අතර පොලිතින් බෑගයකට මලද්‍රව්‍ය බැහැර කර සීල් කරමින් කසල බඳුනකට ඉවහලයි.බෑගය සීල් කිරීමට වෙනම බොත්තමක් මෙම පෝච්චි වල ඇත.

8.තායිලන්තයේ ජනයා වම් අත වැසිකිළි භාවිතයටත් දකුණු අත ආහාර ගැනීමටත් වශයෙන් බෙදාගෙන ඇත

  • බොහෝ ආසියාතික රටවල සනීපාරක්ෂක කටයුතු සහ ආහාර ගැනීම සඳහා දෑත් බෙදාගෙන භාවිතා කරයි. අපේ රටේ මෙන්ම ඉන්දුනීසියාවේද මේ ක්‍රමය භාවිත වේ. ඒ අනුව වම් අතින් දෙයක් තවත් කෙනෙකුට දිම ඉතා නපුරු දෙයක් ලෙසයි එරටේ පිලිගැනෙන්නේ. දෙයක් ලබාදෙන විට සහ ආහාර පාන ගන්නා විට එය දකුණු අතින් කිරීම එරටේ සම්ප්‍රදායකි.