Hela Rahas

Hela Rahas Official Web Portal

නමේ මුල් අකුර G නම් ඔබත් සුවිශේෂී කෙනෙක්

  • G අක්ෂරය ප්‍රධාන නාම අක්ෂරය කර ගනිමින් මෙලොවට බිහි වූ ඔබ නිරතුරුවම ආවේගශීලිය.නමුත් එහි උච්චතම අවස්ථාව දැකගත හැක්කේ ඔබ කෝප ගැන්වුණ විටදී වීම විශේෂත්වයකි. අයුක්තිය, අසාධාරණය ඉදිරියේ දණ්ඩෙන් පහර කෑ නයෙකු සේ කිපෙන ඔබ ඊට විරුද්ධව කටයුතු කිරීමට පෙලඹෙනුයේ කෝපයෙන් වෙව්ලමිනි.
  • මෙම අක්ෂරයෙන් උපත ලද බොහෝ දෙනෙකු ආත්ම අභිමානය ඉහලින්ම සලකන්නන් බව වාග් විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇති අතර එමෙන්ම අවංක පුද්ගලයන් ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත්ව ඇත. යුතු අයුතුකම් හොඳින්ම දන්නා මොවුන්ට අකටයුතුකම් පෙන්වන්නට බැරිය.
  • නිදහස් මතධාරින් වන මොවුන් තම ජාතිකත්වය පිළිබඳ ඉතා උසස් අයුරින් සිතන්නන් වන අතර එමෙන්ම තම ආගම මෙන්ම රට පිළිබඳව ද නිරන්තරව සිතන්නන් බව අවිවාදයෙන් පැවසිය හැක. හසලක ගාමිණී රණ විරුවා ඊට හොඳම නිදර්ශනයකි. අප රට, ජාතිය හා ආගම වෙනුවෙන් සතුරු බලමුළු විනාශ කරමින් තම ජීවිතය ද පූජා කරන ලද හසලක ගාමිණී, අභීත ලංකා පුත්‍රයකු ලෙස ඉතිහාසගත වූයේ ‘G’ අක්ෂරයේ බලය මේ යැයි ලොවට ප්‍රකාශ කරමින්ය.
  • G අක්ෂරයෙන් 1966 සැප්තැම්බර් 04 වැනි දින උපත ලද කෝප්‍රල් ගාමිණී කුලරත්න විරුවා, 1991 ජූලි 14 වැනි දා තම නිර්භය බව, එඩිතරකම හා ජාතිමාමකත්වය ලොවට හඬනගා කියමින්අලිමංකඩ දී තම තුරුණු දිවිය ලක් මව වෙනුවෙන් පූජා කළ බව ගෞරවයෙන් සටහන් කර තබමි.
  • මෙම අක්ෂරයෙන් උපත ලද පුද්ගලයන් තුළින් කිසිම විටෙක දෙබිඩි ගති හා දෙගිඩියා ගති දැකගත නොහැකි වන අතර දුරදක්නා නුවණින් යුතුව කටයුතු කරමින් ජයග්‍රහණය හඹා යන්නන්ය.
  • G අක්ෂරය ප්‍රධාන නාම අක්ෂරය කර ගනිමින් උපත ලද බොහෝ පුද්ගලයින් තුළින් දැකගත හැකි විශේෂිත ලක්ෂණ අතර නිර්මාණශීලීත්වය හා කලාකාමී බව ප්‍රධාන තැනක් ගන්නා බව පෙන්වා දිය හැක. ආත්ම දමනයකින් හා ප්‍රතිපත්ති ගරුක බවින් යුත් මොවුන් ‘තනි වචනේ’ මිනිසුන් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. ‘ කිව්වොත් කිව්වාමය’ ‘දෙනවයි කීවොත් දෙනවාමය ගහනවයි කිව්වොත් ගහනවාමය.’
  • G අක්ෂරයෙන් උපත ලද මොවුන් හට අන්‍යයන් ඇමතීමේ මනා හැකියාවක් සහජයෙන්ම ලැබී ඇති අතර මොවුන්ගේ මුවින් පිටවන වචනයට අන්‍යයන් එකඟ වන ස්වරූපයක් පවතී. තමන්ට අවංකව හා මිත්‍රශීලීව සලකන අයට උස්, පහත් භේදයකින් තොරව හිතෛෂිවන්ත වන මෙම පුද්ගලයන්, තරාතිරමක් නොබලා මනුෂ්‍යයන්ගේ දුකේ දී පිහිටට එන ගුණවතුන් ලෙස හඳුන්වා දිය හැක.
  • පුණ්‍ය කටයුතුවලට මහත් අභිරුචියක් දක්වන මෙවැන්නන් ලොවට පෙනෙන්නටත්, ප්‍රසිද්ධියත් තකා ආගම අදහන්නන් නොවන බව වාග් විද්‍යාඥයන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ත්‍යාගශීලී බවින් යුත් පරිත්‍යාගශීලී පුද්ගලයන් වන මොවුන් සමාජයේ උසස් තලයන් නියෝජනය කරන උගත්, සම්භාවනීයයන් ලෙස පෙන්වා දිය හැක.
  • G අක්ෂරය ප්‍රධාන නාම අක්ෂරය කරගනිමින් උපත ලද ඔබ ජීවිතය ජය අත් නොහර්න, අප්‍රතිහත ධෛර්යයෙන් යුතු වාසනාවන්තයෙකි. ඔබගෙන් සමාජයට සිදුවන අනුපමේය සේවයට මිලක් නියම කිරීම අපහසුය.එය අමිල වූ සේවයක් වන අතර සදානුස්මරණීයද වනු ඇත.
  • G අක්ෂරයෙන් ප්‍රධාන නම සැදුම් ලද්දන් අතරින් සිනමා සක්විති, නැතහොත් සිංහල සිනමාවේ මහා නළු ලෙසින් හැඳින්වූ Gamini Fonseka මහතා තුළ මා ඉහතින් සඳහන් කළ ‘G’ අක්ෂරයේ ගති ලක්ෂණ නොඅඩුව පිහිටා තිබුණි.
  • G අක්ෂරය ප්‍රධාන නාමාරක්ෂරය කර ගනිමින් උපත ලබා ඉහත දක්වන ලද ගතිගුණ හා ලක්ෂණයන්ගෙන් අලංකෘත වූ ද, ප්‍රභාමත් වූ ද විශේෂ චරිත අතරට අප රට වත්මන් ජනාධිපති Gotabaya Rajapaksa මහතා සහ කම්කරු නායක A.E.Gunasinghe මහතා ද පෙන්වා දිය හැක.