Hela Rahas

Hela Rahas Official Web Portal

අධික රස්න කාල වලදි ඇතිවන ගැටලු මග හැරගත හැකි උපක්‍රම 8ක්

වසරේ අධික උණුසුමක් පවතින කාලවලදී අපේ එදිනෙදා කටයුතු වලටත් බාධා ඇති වේ. විශේෂයෙන්ම අධික උෂ්ණත්වය නිසා අපේ සිරුරට විවිධ අපහසුතා සහ ගැටලු පීඩා ආදිය මතුවීමට ඉඩකඩ ඇත. එවැනි තත්වයන්ට මුහුණ දිය හැකි ක්‍රම කිහිපයක් ගැන අද අප දැනුවත් වෙමු.

1.අධික ලෙස දහදිය දැමීම සහ දුර්ගන්ධය

  • උණුසුම වැඩි නිසා අධික ලෙස දහදිය දැමීමට සහ නරක බැක්ටීරියා වර්ධනයෙන් දහදිය දුර්ගන්ධය ඇතිවීම අප්‍රසන්න අත්දැකිමකි. මේ කාලවලදි කපු වැනි ස්වභාවික රෙදි වර්ග වලින් මැසූ ඇඳුම් අඳින්න. දිනපතා ඇඳුම් සෝදා මාරු කරමින් අඳින්න. ස්නානය කිරීමට ද අමතක නොකරන්න. දහදිය ගැලීම පාලනය කිරීමට කෝපි වෙනුවට ග්‍රීන් ටී පානය කරන්න. deodrant එකක් හෝ antipespirant එකක් භාවිතයෙන් දහදිය දුගඳ ඇතිවීම පාලනය කරගත හැකිය.

2.රෝම ඉවත්කිරීමේදි ඇතිවන සමේ අපහසුතා

  • උණුසුම් දිනවල සමේ අනවශ්‍ය රෝම ඉවත්කිරීම අපහසුතා ඇතිකිරීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස සංවේදි සමක් ඇති තැන් රේසර් කිරීමේදි සමේ ඇති විය හැකි රතුවීම, ඉදිමීම සහ කැසිල්ල තත්වයන් අවම කරගැනීමට shaving cream එකට ලැවෙන්ඩර් තෙල් බිංදු කිහිපයක් එක්කරගන්න.තවත් ක්‍රමයක් ලෙස ස්ට්‍රෝබෙරි ගෙඩියක් පොඩි කර ක්‍රීම් සමඟ මිශ්‍ර කර හනෛ වූ සම මත ගල්වා ස්වල්ප වේලාවක් වියළෙන්නට තබා උණුසුම් ජලයෙන් සෝදාගන්න.
  • 3.කලවා වල සමේ අපහසුතා-දහදිය තෙමනය නිසා කකුල් ඇතිල්ලෙන විට කලවා වල සම අපහසුතාවට ලක්විය හැකිය. විශේෂයෙන්ම සායවල් සහ ගවුම් විලාසිතා අඳින විට. ස්වභාවික විටමින් C හෝ පිපිඤ්ඤා සාරය සහිත ක්‍රීම් එකක් සම මත ගල්වන්න. දිනපතා සබන් යොදා සම පිරිසිදු කරගන්න. අපහසුතාව දුරුකරගැනීමට ඇල්මැරුණු ජලයෙන් සම පිරිසිදු කරගන්න. අයිස් කැල්වීමෙන් වළකින්න.

4.මදුරු කරදරය

  • සිට්‍රොනෙල්ලා සහ කුරුඳු තෙල් හොඳ මදුරු විකර්ෂක වේ. ඒවා දැමූ පහනක් නිවසේ දල්වන්න. ටී ට්‍රී තෙල් සහ ලෙමන් -කපුරු මිශ්‍ර තෙල් ද ඉතා සුදුසුයි. ඒවා අඩංගු මදුරු විකර්ෂක නිෂ්පාදනයක් නිවසේ ඉසින්න.නිවසේ විල්, පොකුණු, තටාක ආදි ජලය ‍රැ‍ඳෙන ස්ථාන මදුරුවන් බිත්තර දැමීම වැළැක්වීම සඳහා නිතිපතා පිරිසිදු කිරීම වැදගත්ය.
  • 5.දුහුවිල්ල -අවම සතියකට දෙවරක් වත් නිවස වැකියුම් කර පිරිසිදු කරන්න,සතිපතා ඇඳ ඇතිරිලි කොට්ට කවර ආදිය සෝදා පිරිසිදු කරන්න,කාපට් ආදිය සෝදා පිරිසිදු කරන්න. දරුවන්ට සෙල්ලම් කිරීමට දීමට පෙර ලොම් ඇති සෙල්ලම් බඩු අධි ශීතකරණයේ පැය 48 ක් පමණ සිසිල් කරන්න.ඉන් හානිකර දුහුවිලි මයිටාවන් විනාශ වේ.

6.ආහාර විෂවීම්

  • අධික උෂ්ණත්වය නිසා ආහාර වලට පවා බලපෑම් ඇතිවිය හැකියි. බොහෝ විට පිටත කඩවල් වලින් ආහාර ගැනීම නිසා ආහාර විෂවීම් පවා සිදුවන්නට ඉඩ ඇත.වමනය, පාචනයය, ඔක්කාරය වැනි තත්වයන් හටගත හැකිය.තාපයට නිරාවරණය වන විට ආහාර නරක් වීමට බලයි.එතරම් බරපතල නොවන තත්වයකදි හොඳින් ජලය පානය කිරීම සහ විවේක ගැනීමට සැලකිලිමත් වන්න. අපහසුතාවන් දින කිහිපයක් පවති නම් හෝ මලපහ සමඟ රුධිරය පිටවේ නම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.පැණි කොමඩු, තක්කාලි යුෂ , පිපිඤ්ඤා වැනි ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර අපහසුතාව සමනය කිරීමට උපකාර වේ.විෂවීම් ඇතිවීම වළක්වාගැනීමට එළවළු සහ පලතුරු හොඳින් සෝදා ආහාරයට ගන්න. පෙර සැකසූ ආහාර වලට වඩා නැවුම්ව නිවසේදි පිළියෙල කරගත් ආහාර පරිභෝජනයට ගන්න. ආහාර ගැනීමට පෙර ආහාරයේ සුවඳ පරික්ෂා කර බලන්න.

7.සම වියළී යාම

  • අධික උණුසුම නිසා සමේ තෙතමනය ඉක්මනින් ඉවත්වී සම වියළී ගොස් ‍රැළිවේටීම්, පළුදුවීම්, සම දුර්වර්ණවීම් සහ කැසිලි තත්වයන් හටගැනීමට බලයි.හොඳ moisturizing cream වර්ගයක් දිනපතා සමේ ගල්වන්න. මුහුණ පිරිසිදු කරගෙන salicylic acid අඩංගු lotion වර්ගයක් මුහුණේ ආලේප කරන්න. පැය 2 කට වරක් හොඳ Sun cream එකක් භාවිතා කරන්න අමතක නොකරන්න. ස්වභාවික නූල් සහිත ඇඳුම් අඳින්න. හොඳින් ජලය පානය කරන්න.
  • 8.හිරු කිරණට සම පිලිස්සීම – නිසි ආරක්ෂාවක් නොලැබූ සම හිරු කිරණට නිරාවරණය වීමේදි හිරු කිරණට පිලිස්සි යාම සිදුවිය හැක. සිරුරේ පිටතට නිරාවරණය වී ඇති සම මත sun cream ආලේප කරන්න. camphor හෝ menthol අඩංගු ක්‍රිම් වර්ගයක් භාවිතා කිරිම ද සුදුසුය. ඇඟ වැහෙන ඇඳුම් අඳින්න සහ කුඩයක් භාවිතා කරන්න.කෝමාරිකා gel එකක් හෝ cream එකක් පිලිස්සුනු සම මත ආලේප කරන්න.