Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබට අහිත කර ආහාර සංයෝජනයන් 7ක්‌

සෝඩා සහ බෝංචි ආහාරයට ගැනීම අහිතකර ප්‍රතිඵල අත්කර දෙන බව කුඩා දරුවෙකු වුණත් දන්නවා. නමුත් ඊට අමතරව ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ඉතාමත් නරක අන්දමින් බලපාමින්, ඔබ රෝගී වීමටත් හේතු විය හැකි විවිධ ආහාර සංයෝජනයන් ගණනාවක්ම තිබෙනවා. පහතින් දැක්වෙන්නේ පෝෂණ විශේෂඥයන් විසින් නිර්දේශ කොට ඇති එවැනි අහිතකර සංයෝජනයන් කිහිපයක්.

01.සැන්ඩ්විච් + කෝපි.

  • උදේ ආහාරය සකස් කිරීමට කාලයක් නැතිවිට, රැකියාවට යන අතරමගදී හෝ පහසුවෙන් ආහාරයට ගත හැකි ආහාරයක් තමයි සැන්ඩ්විච් සහ කෝපි කියන්නේ. නමුත් එහිදී ඔබ තෝරා ගන්නේ චීස් සැන්ඩ්විච් එකක් සහ කෝපි නම් චීස් වල සියලු ගුණ ගැන අමතක කරන්න ඔබට පුළුවන්. පාන් වල අඩංගු සරල කාබෝහයිඩ්‍රේට විසින් චීස් වන කැල්සියම් හොඳින් ජීර්ණය වීම වලකන අතර ඔබේ හෘද වාහිනී පද්ධතිය සහ ස්නායු පද්ධතියට උපකාර ගෙන දීමෙන් වළකනවා. මීට අමතරව ඔබ භාවිතා කරන්නේ ක්ෂණික කෝපි නම් එයින් ඔබේ සෞඛ්‍යයට කිසිදු ප්‍රතිලාභයක් නැහැ.
  • ඔබ චීස් සැන්ඩ්විච් වලට කැමැති නම් අවම වශයෙන් කෝපි වෙනුවට සුදු හෝ හරිත තේ (green/white tea – සුදු තේ යනු හරිත තේ ලබාගන්නා පැළෑටියේම වඩාත් නොමේරූ දළු කොටස ප්‍රවේශමින් නෙලා වඩා පිරිසිදුව නිපදවන ලා පැහැයෙන් යුතු තේ වර්ගයකි) භාවිතා කරන්න.

02.තක්කාලි + පිපිඤ්ඤා.

  • සලාදයක් සඳහා වඩාත් සුලබව භාවිතා කරන මෙම එළවළු දෙක එකට භාවිතා කිරීම මගින් ඔබේ සිරුරේ ජෛව රසායනික මාර්ගයට බාධා පමුණුවන බව නවතම අධ්‍යයනයකින් සොයා ගෙන තිබෙනවා. මෙය භශ්මීකරණයට සහ ඉදිමීමට තුඩු දිය හැකි අතර එළවළු දෙකෙහි විටමින් නිසි ලෙස ජීර්ණය නොවීමද සිදුවිය හැකියි.
  • තක්කාලි සහ පිපිඤ්ඤා වෙන වෙනම ආහාරයට ගන්න. උදාහරණයක් වශයෙන් ඔබ අද එළවලු සහ තක්කාලි සමග සලාදයක් සාදනවා නම් ඊළඟ දිනයේ එළවළු, කොළ වර්ග සහ පිපිඤ්ඤා සමග සලාදයක් සාදන්න.
  1. අර්තාපල් + මස්.
  • මස් සමග බැදපු අල පෙති ආහාරයට ගන්න ඕනෑම කෙනෙක් කැමතියි. නමුත් අවාසනාවකට මෙය ඉතා බරැති ආහාර සංයෝජනයක්. අර්තාපල් වල අඩංගු පිෂ්ඨය ජීර්ණයට ඇල්කලීය ජීර්ණ දියර අවශ්‍ය වන අතර මස් වල අඩංගු ප්‍රෝටීන ජීර්ණයට අවශ්‍ය වන්නේ ආම්ලික ජීර්ණ දියරයි. මේ නිසා එක්ව ආහාරයට ගත් විට ඒවා ඔබේ උදරය තුළ සිරා වී බඩේ දැවිල්ල, වාතය සහ බර්ප් වැනි විවිධ අක්‍රමිකතා ඇති විය හැකියි.
  • මස් සමග ආහාරයට ගැනීමට බෝංචි, සුකිනි, මල් ගෝවා, බ්‍රොකොලි, ඇස්පරගස් වැනි පිෂ්ටමය නොවන එළවළු තෝරාගන්න.

04.පාස්ටා + අඹරන ලද මස්.

  • පාස්ටා සහ අඹරන ලද මස් (Minced meat) එකට ආහාරයට නොගැනීමට හේතුව වන්නේත් ඉහතින් සඳහන් කළ හේතුවමයි. කේඨ ග්‍රන්ථි වලින් පිෂ්ඨමය කාබෝහයිඩ්‍රේට සරල සීනි බවට පත් කළ හැකි ඇමයිලේස් සහ ටයලින් ස්‍රාවය කරනවා. මෙම සරල සීනි විසින් මස් වල ප්‍රෝටීන ආවරණය කළ විට දියවැඩියාව සහ හෘද වාහිනී රෝග වලට හේතු විය හැකි අනතුරුදායක රසායනික සංයෝගයක් නිර්මාණය වෙනවා.
  • පාස්ටා සමග ආහාරයට ගැනීමට කොළ වර්ග වලින් සාදන සෝස් වර්ගයක් භාවිතා කරන්න.

05.බියර් + කජු.

  • බොහෝ දෙනෙක් බියර් පානය කරන අතරතුර ලුණු දැමූ කජු වර්ග ආහාරයට ගැනීමට කැමතියි. අධිකව ලුණු දැමූ ආහාර ඍජුවම අහිතකර වන අතර මෙම සංයෝජනය අහිතකර වීමට අනෙක් හේතුව වන්නේ ලුණු නිසා ඇති වන විජලනය හේතුවෙන් තව තවත් බියර් පානය කිරීමට එම පිපාසය ඔබව පෙළඹවීමයි.
  • ඕනෑම වර්ගයක මද්‍යසාර පානය කරන විට විජලනය අවම කර ගැනීමට සෝඩා හෝ වතුර ළඟ තබා ගන්න.

06.කිරි නිෂ්පාදන + අන්නාසි.

  • ඇඹුල් පලතුරු මගින්, විශේෂයෙන්ම උදෑසන කාල වලදී, ඔබේ ජීර්ණ වේගය අඩු කරනවා. මීට අමතරව අන්නාසි වල එන්සයිමීය සංකීර්ණයක් වන බ්‍රෝමලේන් අඩංගු වන අතර කිරි නිෂ්පාදන සමග එකතු වූ විට එය විෂ විය හැකියි.
  • අන්නාසි වෙනුවට වියළි ඇප්‍රිකට් හෝ ප්ලම්ස් එකතු කරගන්න.

07.කිරි + කෙසෙල්.

  • මෙය සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන පුද්ගලයන් අතර ජනප්‍රිය වී තිබෙන්නේ එහි පෝෂණීය බව සහ පිළියෙළ කිරීමට ඇති පහසුව නිසයි. කෙසේ නමුත් ඇතැම් පෝෂණවේදීන් විශ්වාස කරන්නේ පලතුරු,විශේෂයෙන්ම පැණිරස පලතුරු, වෙනම ආහාරයට ගත යුතු බවයි. ඒවා වෙනත් ආහාර සමග එකට ගත් විට ජීර්ණ පද්ධතියේ වේගය අඩු කරමින් බොහෝ වේලාවක් සිරුරේ රැඳී පවතිනවා. ඒ ආකාරයෙන්ම කිරි සහ කිරි නිෂ්පාදන වෙනම ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
  • ප්‍රධාන ආහාර වේල් අතරතුර ස්නැක් එකක් ලෙස කෙසෙල් ආහාරයට ගන්න.