Hela Rahas

Hela Rahas Official Web Portal

මින් පෙර දැක නොමැති අසාමාන්‍ය දේවල් 20 ක්

ලෝකය අරුම පුදුම දේවල් වලින් පිරුණු තැනක් බව ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.අප අවට ඇති බොහෝ දේවල් පිළිබඳව අප දන්නා දේවල් වලට වඩා ඇත්තේ නොදන්නා දේය.සමහර දේවල් ගැන අසා ඇතත් ඒවායේ ස්වරූපය කිසිදා ඇසින් දැක නොමැති විය හැකියි.
ලෝකයේ ඇති බොහෝ අය එවැනි නොදු‍ටු අසාමාන්‍ය දේවල් කිහිපයක තොරතුරු ගැනයි අද අප ඔබට කියන්නේ.

1.ගුටෙන්බර්ග් බයිබලය

  • වැකි 42 බයිබලය ලෙස හඳුන්වන මෙය යුරෝපයේ පොත්පත් මුද්‍රණය ඇරඹි යුගය සංකේතවත් කරන්නක් ලෙස සැලකේ. මුද්‍රණ යන්ත්‍රය සොයාගත් ජොහෑන්ස් ගුටෙන්බර්ග් මෙහි පලමු මුද්‍රණය 1450 දශකයේ මුල් බාගයේදී ප්‍රකාශයට පත්කර ඇත. මෙම බයිබලයේ සමස්ත පිටපත් 185 ක් තිබී ඇති බව ඉතිහාසඥයින් පවසති. ඉන් 150 ක් කඩදාසි මුද්‍රණ ලෙසද 50 ක් පාච්මන්ට් වලද මුද්‍රණය කර තිබේ. වර්තමානයේ ඇත්තේ ඉන් පිටපත් 40 ක් පමණක් වන අතාර බොහෝමයක් ඒවා අසම්පූර්ණය.

2.ඇල්කැට්‍රාස්

  • ලොව ඇති සුප්‍රසිද්ධම සිරගෙයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ. ලෝක ඉතිහාසයේ සහ ඉපැරණි සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙය කිසිවෙකුටවත් පළා යාමට නොහැකි වූ ස්ථානයක් විය. සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ පිහිටා ඇති පෙර කල බන්ධනාගාරයක්ව පැවති මෙම දූපත වර්තමානයේ සංචාරක ආකර්ෂණය ලත් ස්ථානයකි

3.අවුන්ස 35 ප්ලාස්ටික් බෝතලයක්

  • රත්කරමින් හුලං පිරවීමට පෙර අවුන්ස 35 ක එනම් ලීටරයක ප්ලාස්ටික් බෝතලයක පෙනුම මෙය බව පැවසුවොත් ඔබ එය විශ්වාස කරනවාද?

4.නියම මොනාලිසා සිතුවම

  • රූපවාහිණියේ පෙන්වන තරමට මොනාලිසා සිතුවම විශාල එකක් නොවේ. එහි මුල් පිටපත ඇත්තෙන්ම ඉතා කුඩාය.එය උස අඟල් 30 ක් සහ පළල අඟල් 21 කින් යුක්ත නිර්මාණයකි.

5.පාරට ගඩොල් දමන මැෂිම

  • කම්කරුවන් කිහිප දෙනෙකුගේ වැඩ එකවර කල හැකි යන්ත්‍රයක් තමයි මේ. එක් චලනයකින් පුළුල් පරාසයකට ගඩොල් ඇතිරීම සිදුකරයි.

6.හිරු නැගීම සහ හිරු බැසීම එකම වේලාවක

  • මෙම සංසිද්ධිය දැකීමට වාසනාවන්ත වන්නේ සුලු පිරිසක් පමණි.

7.සර්ප හැව

  • සර්පයෙකු සම ඉවත් කල විට ඒ කොටස හඳුන්වන්නේ හැව කියායි.

9.ද පෙනේට්ස්’

  • ඉපරණි රෝමානු මිථ්‍යාවලට අනුව පෙනේට් යනු ගෘහමූලික දේවතාවන්ය. යුද්ධයකට සහභාගී වීමෙන් පසු හෝ දඩයමේ නිරතවීමෙන් පසු පුද්ගලයින් තමන් අදහන දේවතාවන්ගේ දෙ මැදුරු වෙත ගමන් කලහ. නීතියක් ලෙස සෑම පවුලකටම දේවතාවන් දෙදෙනෙකු බැගින් සිට ඇත.ඔවුන්ගේ රුව සහිතව අලංකාර කල ගිනි උඳුන් අතීත නිවෙස් වල තිබී ඇත.

10භූගත තාපක (under floor heaters) යෙදීම

  • පොළොවට යටින් තාපක (හීටර්) අතුරා ඇත්තේ මේ ආකාරයෙනි.

11.වර්ණ මිලියන එකක්

  • මෙම පින්තූරයේ සෑම පික්සල් එකකම එකිනෙකට වෙනස් වර්ණයක් සහිත වේ.

12.ඇල්ගොඩෝන් වැලි කඳු වල සිට බලන විට ඇමෙරිකාව සහ මෙක්සිකෝව බෙදෙන දේශ සීමාව පෙනෙන අයුරු

  • ඇ.එ.ජ. සහ මෙක්සිකෝව බෙදි වෙන්වන ප‍ටු සහ උස් බාධකය වැලි පර ඔස්සේ ඉහළ පහළ යමින් විහිදී ඇත්තකි

13.චීන කැරලි පිහා‍ටු සහිත කුකුලා

  • මෙම කුකුලාගේ පිහා‍ටු අනෙක් කුකුලන්ට වඩා වෙනස් වන්නේ ඒවා කැරලි සහිතවීම නිසයි.

14.හන්ග්- න්ගා ගෙස්ට් හවුස් එක

  • වියෙට්නාමයේ ඩාලට් හි පිහිටි සංචාරක නවාතැන්පොළක් තමයි මේ. මෙය බොහෝ දෙනා ක්‍රේසි හවුස් කියලා හඳුනව්ති. එය බිම්මල්, සත්ව සම් වලින්, ගුහා සහ යෝධ මකුළු දැලකින් අලංකාර කර ඇති විශාල ගසක ආකෘතියක් සේ දිස්වේ.

15.අත්හැර දමා ඇති නොවිකුණූ මෝටර් රථ සොහොනක්

  • මිලදී ගැනිමට අය නොමැතිකම නිසා අලුත්ම තත්වයේ නමුත් යල් පැන ගිය විලාසිතාවල කාර් රථ මෙම සොහොනේ පිරී තිබේ. කාලයත් සමඟ අලුත් අලුත් ඒවා වෙළඳපොලට පැමිණීම මීට හේතු වෙලා තිබෙනවා.

16.අකුණු විදුලි කොටන අවස්ථාවක්

  • සංචාරකයෙකුට අකුණු ගසන අවස්ථාවක ඡායාරූපයක් තම කැමරාවේ සටහන් කරගැනීමර හැකිව තිබුණේ මෙසේයි

17.ඔ‍ටුනු රාජාලියාගේ කකුල

  • ඔ‍ටුනු රාජාලියා යනු ලොව භයානකම රාජාලි විශේෂයකි.

18ලොව මිල අධිකම ලෝහය

  • විකිරණශීලි කැලිෆෝර්නියම් ග්‍රෑම් 1 ක ප්‍රමාණයක වටිනාකම ඩොලර් මිලියන 27 ක් පමණ වේ (එය ශ්‍රි ලංකාවේ රුපියල් වලින් රු. 5,340,000,000 කට අධික මුදලකි.).

19.ලොව අඳුරුතම අමුද්‍රව්‍ය

  • වැන්ටාබ්ලැක් යනු ලොව අඳුරුම අමුද්‍රව්‍යයයි. ඊට ආලෝකය 99% ක් පමණ උරාගනියි. එමෙන්ම ත්‍රිමාණ (3ඪ්) වස්තු ද්විමාණික (2D) පෙනුමකින් දිස්වීමට සලස්වයි.

20.ගල් තාර වල තිබී හමුවූ ටයර් කොටස්

  • රේසිං කාර තරඟාවලියකින් පසු පාර පිරිසිදුකරන විට ඇස්ප් හැල්ට් තාර පාරවල් වල තිබී හමු වූ රබර් ටයර් කොටස් එකතුවක් තමයි මේ.