Hela Rahas

Hela Rahas Official Web Portal

විශ්වකෝෂයකින් හමු නොවන ලෝකය ගැන අමුතු කරුණු 13ක්

  • කුඩා බිලිඳු ඇඟිලි ඉරීමට පුරුදු වි සිටිනවාක් මෙන් අලි පැටවුන් ද තම හොඬය උරති.
  • ලෝකයේ රන් සංචිත වලින් 1/10 ක් ම පවතින්නේ ඉන්දියානු ගෘහණියන් සතුවය. ඒවා ඇ.එ.ජ., ස්විට්සර්ලන්තය සහ ජර්මනිය සතු රන් ප්‍රමාණයන් සංයුක්ත කල විට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩිය.
  • 1982 වසරේ එක් පුද්ගලයෙකු හොර රහසේ බකිංග්හැම් මාලිගයට ඇතුල්වීමට සමත් වී තිබුණි. ඔහු එහි මුළුතැන්ගෙයි තිබී චෙඩ්ඩාර් චීස් මිනිත්තු 30 ක් තිස්සේ කාදමමින් මාලිගය වටා ඇවිද ගොස් තිබුණි. සිංහාසනය මත වාඩි වි වයින් බෝතලයක බාගයක් ද හිස්කරමින් ඔහු ඉන් පිටව ගොස් තිබුණි.
  • කසකස්ථානයේ කලාචි ප්‍රදේශයේ ජීවත්වන ජනයාට අමුතු ආකාරයේ නින්ද ආශ්‍රිත සහලක්ෂණ තත්වයක් (සින්ඩ්‍රෝමයක්) ඇත. ඔවුන්ට තෙහෙට්‍ටුවක් හා නිදිමතක් දැනෙන අතර ඇතැමුන් සතියක් පුරාවර එකදිගට නිදාගනිති. බොහෝ විද්‍යාඥයින් මෙම ගම්මානයේ ජනයා ගැන අධ්‍යයන සිදුකර ඇත. නමුත් මෙම අමුතු සංසිද්ධියටට බලපා ඇති හේතුව වටහාගැනීමට ඔවුන් අපොහොසත් වී ඇත.
  • වෙළඳපොලේ අප මිලදී ගන්නා ඇපල් වර්ග නෙළා ඇත්තේ මාස 6-12 කට පමණ ඉහතදීය. වෙළඳපොලට පැමිණීමට පෙර ඒවා අඩු ඔක්සිජන් සැපයුමක් සහිත විශේෂ ශීතකරණ වල අසුරාතබන්නේ ඒවායේ පෙනුමට හානි ඇතිවීම වළක්වාගැනීම සඳහාය.
  • පරමාණු යනු 99.9999999% ක්ම හිස් අවකාශය වේ. ලෝකයේ මුලු ජනගහනය එකට එකතුකර ඔවුන්ගෙන් සෑම හිස් අවකාශයක්ම ඉවත් කළේ වී නම්, මිනිස් වර්ගයා කුඩා දොඩම් ගෙඩියම ප්‍රමාණයක් ගනු ඇත.
  • වසර ගණනාවක් තිස්සේ Coca-Cola බීම බෝතල් වල හැඩය පරිණාමය වී ඇති අයුරු.වමේ සිට දකුණට බැලූ විට පළමු බෝතලය නිකුත් කර ඇත්තේ 1899 දීය, දෙවැන්න 1900 දීය, තෙවැන 1915 දීය, සිවුවැන්න 1916 දීය, පස්වැන්න 1957 දීය සහ සිවුවැන්න 1986 දීය.
  • 65 වියැති ජනයාගෙන් අර්ධයක්ම තවමත් ජීවත් වෙති.20 වන සියවසට පෙර පුද්ගලයින්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 33-39 අතර අගයක් ලෙස දැක්වෙන සංගණන කරුණ ඇසුරෙන් මෙය පැහැදිලි කෙරේ. වෛද්‍යවිද්‍යාවේ දියුණුව නිසා පුද්ගලයින්ගේ ආයු කාලය වැඩි වී ඇත.
  • නාන කාමරයේ සිටිනවාට වඩා වැඩි බැක්ටීරියාවන් ප්‍රමාණයක් මිනිස් පෙකණියේ ජීවත් වන බව පැවසේ. පෙකණියේ සිට සොයාගත් බැක්ටීරියා විශේෂ 1500 ක් තරම් ප්‍රමාණයක් විද්‍යාත්මකව හඳුනානොගත් බැක්ටීරියාවන් වේ.
  • Elvis Presley ගේ ස්වභාවික හිසකෙස් ලා පැහැයකින් පිහිටා ඇති අතර තරුණ කාලයේදි ඔහු විසින් තම හිසකෙස් ඩයි කිරීම සිදුකර ඇත. එම නිසා ඔහුට ඇත්තේ කලු කොණ්ඩයක් ලෙසයි සැමගේ මතකයේ ‍රැඳි ඇත්තේ.
  • ඕස්ට්‍රේලියාවේ එක්තරා ට්‍රක් රථ රියදුරෙකු හෘදයාබාධයකට ලක්වී රෝහල් ගත කෙරිණි. ඔහු දින 12 ක් කෝමා තත්වයේ පසු වූ අතර වෛද්‍යවරුන් විසින් ඔහුට ලබාදී තිබූ ජිවිත ආධාරක ඉවත්කිරීමට යන විට ඔහුට සිහිය ලැබී තිබුණි. සුවවූ පසු ඔහු මිලදී ගත් ලොත‍රැයියකට ඔහුට මෝටර් රථයක් ඇදී ඇති බව ඔහුට දැනගන්නට ලැබී ඇත. එය ඩොලර් 17000ක් පමණ වටිනා එකක් වී ඇත. ඔහු රුපවාහිනියට ගෙන්වා ඔහුගේ එම අපූරු වාසනාව ගැන වැඩසටහනක් කිරීමට රූපවාහිනි වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකුට වුවමනා විය. ඔහු වැඩසටහන අතරතුරදී එම පුද්ගලයා අතින් සජීවීව ලොත‍රැයියක් සූරා දිනුමක් ඇත්දැයි පරික්ෂා කිරීමට සැලසුම් කර තිබුණි. වාසනාවක මහිමය කොතරම් ද යත් ඒ ටිකට්පත සීරිමෙන් එම පුද්ගලයාට ඩොලර් 170,000 ක ත්‍යාග මුදලක් දිනා ඇති බව දැනගන්නට ලැබී තිබුණි.
  • 19 වන සියවසේ මුල්බාගයේදී Ketchup පිළිබඳ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කෙරුණේ පාචනය සහ කහ උණට ප්‍රතිකාරයක් ලෙසය. එය බෙහෙත් කරල් ලෙසින් ද නිෂ්පාදනය කෙරීය. කෙසේවෙතත් මෙය සත්‍යතාවක් නොමැති බව පසුව හෙලිදරවු වීමත් සමඟ ketchup එක් සෝස් වර්ගයක් ලෙස අලෙවි කිරීමට පටන්ගෙන ඇත.
  • ගර්භනී කාන්තාවකගේ දරුගැබේ හැඩය නිරීක්ෂණය කිරීමෙන් ඇයට ලැබෙන්නට යන්නේ පිරිමි දරුවෙකු ද නැතිනම් ගැහැණු දරුවෙකු දැයි අනුමාන කල හැකි බව ඇතැම් අය විශ්වාස කරති. ගැබ ඉදිරියට පමණක් වර්ධනය වී ඇත්නම් ලැබෙන්නට සිටිනේ පිරිමි දරුවෙකි. ගැබ පැති වලින් පවා විශාල වී ඇත්නම් ලැබෙන්නට යන්නේ ගැහැණු දරුවෙකි. මෙය ජනප්‍රිය විශ්වාසයක් වුවත් එය විද්‍යාත්මකව ඔප්පු කර නොමැති පුහු මතයක් පමණි. දරු ගැබක හැඩය සහ ප්‍රමාණය තීරණය වන්නේ කාන්තාවකගේ උස කොට භේදය සහ වෙනත් සාධක පදනම්වය.