නිවසේ බුදු පහන පුජා කරන විට දැන සිටිය යුතු වත් පිළිවෙත් 21ක්

Articles

බුදු පහන කියලා කියන්නේ නිවසේ ප්‍රධාන ආශිර්වාදය.අනවින,කොඩිවින ,භූත දෝෂ ඇස් වහ ,කට වහ ,ලෙඩ රෝග,අපල උපද්‍රව ආදී මෙකී නොකී  සියලු කරදරයන්ගෙන් බේරීමට අපි පළමුව ආශිර්වාද පතන්නේ නිවසේ බුදු පහන වන්දනාමාන කරමින්.

අපි දිනපතා බුදු පහන තිබ්බත් ඒ දැනුම් තේරුම් ඇතුව ක්‍රමානුකූලව පිළිවෙලකට කරන්නේ කීයෙන් කී දෙනාද?නිවැරදි පිළිවෙත් සිදු කරමින් බුදු පහන තියෙනවා නම් පවුලේ සතුට,සමගිය,රැකී රක්ෂාවල දියුණුව ආදී බොහෝ වාසි අත් කර ගන්න පුළුවන් .ඉතින් බුදු පහනක් නිවසක ස්ථානගත කරද්දි මූලික වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනි කරුණු පිළිබඳ තමයිඅපි අද ඔබ දැනුවත් කරන්නේ.

සුදුසු ස්ථානයක් තෝරා ගැනීම

  • ලොව්තුරා බුදු පියාණන් වහන්සේට පුද සත්කාර සිදු කරනවා නම් අනිවාරෙන්ම ඒ සුදුසු ස්ථානයක සිදු කළ යුතුයි.එය ඉතා පිරිසිදු නිස්කලංක ස්ථානයක් විය යුතු යි.බොහෝ වෙලාවට නිවසක බුදු බුදුපහන ස්ථානගත කිරීමට වඩාත් සුදුසුම ස්ථානය ලෙස සලකන්නේ  නිවසේ ආලින්දයයි.
  • ඒ වගේම බුදු ගේට ඉහළින් හෝ  පහලින් නාන කාමරය හා මුළුතැන්ගෙය පිහිටා තිබීම සුදුසු නොවේ.ඒ වගේම  ඔබ බුදු කුටියේ පහන දැල්වීම සිදු කරන   අවස්ථාවන් වලදී ඒ සඳහා සුදුසු සුබ දිසාව තෝරා ගත යුතුයි.බොහෝ මත වාද වලට අනුව අපේ ඊශාන දිශාව බලා බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරනවා නම් ඒ ඉතා සුබදායක බව පවසනවා.ඒ වගේම කිසිදු විටෙක නිවසේ බුදු පහන මරු සිටින දිසාව හෙවත් බටහිර දිසාවට යොමු කිරීම සුදුසු නැත .නිවසේ විවිධ මුළු වල ,කෑම කාමරයේ ආදී ස්ථානවල බුදු කුටිය ස්ථානගත කිරීමෙන් වලකින්න.

බුදු පිළිම වහන්සේ නමක් තෝරා ගන්නා ආකාරය 

  • බොහෝ දෙනාගේ මතය අනුව සමාධි මුද්‍රාව සහිත බුදු පිළිමයක් ඉතා සුබ ලෙස සැලකේ .
  • ඒ වගේම නිවසකට වඩාත්ම සුදුසු වන්නේ මැටියෙන් සකස් කරන ලද නේත්‍රා අඩවන්ව බිමට නැඹුරු වී තිබෙන  බුදු පිළිමයක් බව විශ්වාස කරයි.
  • බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමට සුදුසුම දිශාව වන්නේ ඊශාන දිශාවයි.නමුත් ගිණිකොන හෝ බටහිර දිසාවේ බුදු පිළිම වහන්සේ තැන්පත් කිරීමෙන් වලකින්න.
  • ඒ වගේම බුද්ධ ප්‍රතිමාව ට එක එල්ලේම පිහිටන සේ දේවතා රූප නොතැබිය යුතුයි .
  • වර්තමානය වන විට බොහෝ කූට වෙළදුන් වෙළඳුන් කාන්තා රූප හා සමාන බුද්ධ ප්‍රතිමා අලෙවි කරන අවස්ථා අපි දකිනවා.එවැනි බුද්ධ ප්‍රතිමා තෝරා නොගැනීමටත් ඔබ වගබලා ගත යුතුයි.

බුදු පහන 

  • නිරන්තරයෙන්ම බුදු පහනට පිරිසිදු පොල්තෙල් සහ පහන්තිර යෙදිය යුතු වේ.
  • බුදු පහන පැය පහක් හෝ ඊට වඩා දැල්වීම සිදු කරනවා කරනවා නම් වඩාත් යහපත් 
  • ඒ වගේම  වැස්මක් සහිත එහෙමත් නැත්නම් ආවරණයක් සහිත පහනක් නම් ඒ වඩා සුදුසු බව පවසනවා.ට හේතුව ලෙස දක්වන්නේ විවිධ කෘමීන් මේ පහනට වැටීමට ඉඩකඩ ඇති නිසාය.
  • පීරිසියක් වැනි දෙයක් මත ඔබ බුදු පහන තබා පිළිගැන්විය යුතු යි.
  • ඒ වගේම මස් මාංස  හෝ වෙනත් පිලි වර්ගයක් අතගා බුදු පහන ඇල්ලීමෙන් වැළකිය යුතුයි.

බුදු පහන තබන වෙලාවන් 

  • නිශ්චිත වෙලාවක් ගැන සඳහන් නොකළත් බොහෝ අවස්ථාවන් වල දී  උදෑසන 6 සිට 7 දක්වාත් සවස 5 සිට 6 දක්වාත් අද පහන දැල්වීම සුදුසු බව පවසනවා.ඒ වගේ ම ඔබ මීට අමතරව පහත කරුණ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.
  • මත්පැන් පානය කර බුදුන් වැඳීම නොකල යුතුයි .
  • නිවසේ ශ්‍රීතකරණය අසල බුදුකුටිය සෑදීම නුසුදුසුයි 
  • පරවුණු මල් හා පෙති කැඩුණු මල් බුදුන්ට පූජා නොකළ යුතුයි 
  • සෑම විට ම පිරිසුදු පැන් වලින් මල් දෝවනය කළ යුතුයි.
  • බුද්ධ පූජාව තබන අවස්ථාවන්වලදී ආහාර පමණක් නොව අතුරුපසට පලතුරු හෝ රස කැවිලි ද තබන්න.
  • මුළු නිවසම හා ගෙවත්ත ම පිරිසිදු කර සුවඳ දුම් ඒ වටා ඇල්ලීම සිදුකර බුදුන් වැඳීමේ යෝග්‍ය වේ.
  • බුදුන් වඳින ස්ථානය සෑම විටම පිරිසිදු කළ යුතු වේ .
  • ඒ වගේ ම මල් ,පහන්,හඳුන්කූරු වැනි දේවල් වන්දනා කරන ස්ථානයට රැගෙන ඒමේ දී එයට බන්දේසියක් භාවිතා කිරීමටත් වගබලා ගත යුතුයි.
  • නිරන්තරයෙන් ම ඔබ උදේ සවස බුදුන් වදින විට නිතරම පිරිසිදු වී බුදුන් වැඳීම යහපත් වේ.

ඉතින් ඉහත සඳහන් වත් පිලිවෙත් නිරන්තරයෙන් ම අනුගමනය කරමින් බුදුරජාණන් වහන්සේ උදෙසා සැදැහැ සිතින් පුද පූජා සිදු කරන්නේ නම් නිරන්තරයෙන්ම ඔබටත්ඔබේ පවුලේ සියලුම දෙනාටත් සෞභාග්‍යය උදා වේ.ඒ වගේ ම යහපත් ලෙස දැහැමි ව  ජීවත් වීමට හැකි වේ .