Hela Rahas

Hela Rahas Official Web Portal

කිසි දිනක ඔබ නොකළ යුතු වැරදි පුරුදු 10 ක්

හැමදාම අනුගමනය කරන පුරුදු වුණත් බොහෝ විට ඔබ සිදුකරන්නේ වැරදි ක්‍රමයකට අනුව විය හැකියි. ඔබ කරන මේ වැරදි හරි ක්‍රමයකට වෙනස් කරගන්නේ මෙහෙමයි.

1.සුක්කානම අල්ලගෙන සිටින ආකාරය

  • රථ වාහන අනතුරු වලින් ආරක්ෂා වීමට සුක්කානම අල්ලාගෙන සිටිය යුතු නිවැරදිම ක්‍රමය දැන සිටීම ඉතා වැදගත් වේ. පින්තූරයේ පරිදි එය අල්ලාගෙන සිටීමට ආරක්ෂිතම ස්ථානය වන්නේ මධ්‍යම සීමායි. එම ඉරියව්ව මඟින් අත් සහ බාහුවලට එයාර් බෑග් එක පිම්බීම වළකා හිසට සහ සිරුරට ආරක්ෂාව ලබාදෙයි.

2.ෆ්ලෂ් කිරීම

  • වැසිකිළි පියන විවෘත කර තිබියදි ෆ්ලෂ් නොකල යුතුයි. එමඟින් විෂබීජ සහිත වතුර අවට ඇති පරිසරයට විසිවී යාමට ඉඩ ඇත. ඒවා ඔබේ තුවා, බුරුසු මතට වැටෙන්නට ඉඩ තිබේ. එබැවින් වැසිකිළි භාවිතයෙන් පසු පියන වසා ෆ්ලෂ් කරන්න.

3.ඩියෝඩ්‍රන්ට් ගැල්වීම

  • උදෑසනම ස්නානය කිරීමෙන් පසු ඩියෝඩ්‍රන්ට් ගැල්වීම එතරම් ඵලදායි නැත. ඒවා ස්වේද ග්‍රන්ථි තෙක් ගමන් කර ඒවා අවහිර කරවයි. උදෑසන කාලයේ දහදිය මට්ටම වැඩි නිසා ඇන්ටිපර්ස්පිරන්ට් ඉවත්වී යාම සිදුවේ. රාත්‍රි නින්දට පෙර සම වඩාත් වියළිව තිබෙන විට සහ ස්වේද ග්‍රන්ථි සක්‍රීයව නොපවතින රටහ්රි කාලය ඒවා ගැල්වීමට සුදුසුම කාලයයි. ඩියොඩ්‍රන්ට් සාමාන්‍යයෙන් පැය 24 ක කාලයක් පුරා සම මත පවතියි.එබැවින් ස්නානය කලත් ඉන් සමට ආරක්ෂාව පවතියි.

4.ඇඳුම් නවාතබන අයුරු

  • ඉඩ ඉතිරි කරගනිමින් , ඇඳුම් වල ‍රැළි ගැසිම් ඇතිනොවන සේ ඒවා අසුරා තැබීමට ඇඳුම් මෙසේ රෝල් කර තබන්න.

5.කිවිසීම

  • කට හා නාසය වසාගෙන කිවිසීමෙන් විෂ බීජ පැතිරීම වැඩිය.ඊට හේතුව අතින් අල්ලාගෙන එසේ කිවිසි පසු , කැස්ස පසු ඒ අතින්ම විවිධ මතුපිට ස්පර්ෂ කිරීමය. එවිට ආසාදිත වෛරසයක් වුවත් ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය හැකියි.එසේ කිරීමට වෙනුවට කහින හෝ කිවිසින් විට වැළමිට නැම්ම හෝ ඇඳුමේ අත භාවිතා කරන්න. එමඟින් විෂබීජ පැතිරයාම අවම කරගත හැකියි.

6.බ්ලෙන්ඩරය පිරිසිදු කරන අයුරු

  • ඇතුලට ස්පොන්ජ් එකක් දමමින් අපහසුවෙන් එය පිරිසිදු කිරීමට අවශ්‍ය නැහැ. බ්ලෙන්ඩර් කප් එකට වතුර සහ පිඟන් සේදුම් දියර ස්වල්පයක් දමා බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කරවන්න. ඇතුලත ‍රැඳි කොටස් හොඳින් ඉවත් වි සබන් සමඟ ඉවත් වී යයි.
  • 7.නිදන ඉරියව්-උදරය මත වැතිරි නිදාගැනීම පහසු සහ සනීපදායි ඉරියව්වක් ලෙස ඔබට දැනනවා ඇති. නමුත් ඉන් ඔබේ කොන්ද සහ කොඳු ඇට පෙළ ඇදීයාමට ගෙවීයාමට ලක්වේ. කොඳු ඇට පෙළ මතට එල්ලවන ආතතිය හේතුවෙන් සිරුරේ බොහෝ කොටස් වල වේදනා-කැක්කුම් පීඩාවන් මතුවීමට ඉඩ ඇති අතර ඉන් ඔබේ නින්ද අඩු වී දහවල් කාලය පුරාවට ඔබේ සිරුරට තෙහෙට්‍ටුව දැනෙන්නට පටන්ගත හැකිය. එබැවින් උඩු අතට වැට්ගිරී හෝ පැත්තකට හැරි නිදාගැනීම වඩාත් ආරක්ෂිත නිදන ඉරියව් ලෙස සැලකිය හැකිය. එමඟින් කොන්දටත් බෙල්ලටත් අපහසුවක් ඇති නොවේ.

8.කීබෝඩ් එක භාවිතය

  • කීබෝඩ් භාවිතා කිරීමට ඉගෙන ගන්නා විට අකුරු පැහැදිලිව දැකීම සඳහා ඇතැම් කීබෝඩ් වල ඇති මෙම කකුල් විහිදුවා ගැනීම සිදුකරනවා. නමුත්, පුහුණුවෙන් පසු දිගින් දිගටම මෙය භාවිතා නොකල යුතුය. ඊට හේතුව නම් ඒවා දිගින් දිගටම භාවිතා කිරීම නිසා ඔබේ මැණික්ක‍ටු ප්‍රදේශවල කැක්කුම් ඇතිවීමට පටන්ගත හැකි වීමය.

9.කලිසම් එල්ලා තැබීම

  • හැන්ගර් එකක කලිසම එල්ලා තැබීමෙන් එහි මැද නැම්මක් ඇති වීම සිදුවෙනවා. මෙසේ වීම වළක්වාගැනීමට හැන්ගර් එක මැදින් පේපර් ටවල් ටියුබ් එකක් හෝ පොලිතින් ටියුබ් එකක මැද කාඩ්බෝඩ් එක කපා රඳවා ටේප් පටි වලින් හොඳින් සවිකරගන්න. එය ඔබේ කලිසම එල්ලා තැබීබීමට භාවිතා කරන්න. යලි නැමි ඇති නොවේවි.

10.සපත්තු පටි පලඳින අයුරු

  • පින්තූරයේ පරිදි ලේස් පටිය සපත්තුවේ උඩු සිදුරු හරහා යවා හාවෙකුගේ කන් මෙන් ලූප දෙකක් සකස් කරගන්න. ඉන්පසුව ඒ කොටස් දෙක කතිර ලෙස යොදමින් ඇද ගැටගසන්න. එසේ කිරීමෙන් සපත්තු ලේස් නිතර ලිහෙන ගැටලුව මගහැරගත හැකියි.