නමේ මුල් අකුර M නම් ඔබේ ගති ගුණ ගැන කියවෙන රහස් 13ක්

Astrology
  • අපේ නම පටන් ගන්න අකුරෙන් විවිධ ලක්ෂණ කියනවා කියලා අපි අහලා තියෙනවනේ. කොහොමහරි M අකුරින් නම පටන් ගන්න අය ගැන අක්ෂර විද්‍යාඥයින් පවා විවිධ මත ඉදිරිපත් කරලා තියෙනවා.M අකුරට අයිති පාට නිල් පාට කියනවා. M මුලට ඇති නමක් ඔයාට තියෙනවා නම් ඔයාට හිමිවෙන ගති ලක්ෂණ මෙන්න.
  • ඔයා සැබෑම වාසනාවන්තයෙක්. ඔබට ප්‍රබල ආත්ම ශක්තියක් හා දරාගැනීමේ හැකියාවක් ඇත.
  • ඔබ ස්ථිර අදහස්වලින් පිරිපුන්, අප්‍රතිහත ධෛර්යයෙන් යුත් නොපසුබස්නා වීර්යයෙන් යුත් එඩිතර අයකු බව අක්ෂර විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.
  • බොහෝ හැඟීම්බර පුද්ගලයෙක්. සංවේදී මනසකට උරුමකම් කියන අතර අනුන්ගේ දුක් පීඩා, කම්කටොළු වලදි ඒ වෙනුවෙන් ඉදිරිපත් වී කුමක් හෝ සහනයක්, උපකාරයක් කිරීමටත්, ඔවුන් සැනසීමටත් ඔයා ගොඩක් උනන්දු වෙනවා.
  • රහස් කියා දෙයක් ඔයා ළඟ නැති තරම්. රහස් රැකීමට ද ඔයාට අපහසුයි. ඔබේ කතාබහේ දී නිරායාසයෙන්ම රහස් හෙළි වේ යැයි යන සැකයක් ඇත. එනිසා ඔබ මනසින් අසරණ වන අවස්ථා ඇති වේ.
  • විද්‍යාඥයන්ගෙ මතයට අනුව ඔබ කායික වශයෙන් පමණක් නොව බුද්ධිමය වශයෙන් ද ශක්තිමත්. ඒ සඳහා අවශ්‍ය වන සමාජීය වටපිටාව නිරායාසයෙන්ම වාගේ ඔබට සකස්ව ඇති බව කියයි.
  • ඔබ හැම විටෙකම සිතනුයේ ඔබ උසස් අයකු කියා. ඔබ සිටිය යුත්තේ අන් අයට වඩා ඉහලින් යැයි ඔබට නිතර සිතෙන දෙයක්. එය ඇත්තක්. එය ඔබ දෛවයෙන් ලද වටිනා තෑග්ගක්.
  • නායකත්වය කරා අපහසුවෙන් හෝ ගමන් කිරීමට හැකි වේ. ඇත්ත වශයෙන්ම ඔබ දක්ෂ පරිපාලකවරයකු හෝ නායකයකුගේ වගකීම් රැසක් දැරීමට සුදුස්සකු වන අතර ප්‍රබල සංවිධාන ශක්තියක් හා පුළුල් දැක්මක් ඔබ සතුව පවතී.
  • සමහරු ඔයා ගැන නිවැරදි අවබෝධයක් නොමැතිකමින් වැරදි වැටහීම් ඇතිකර ගනී. ඒත් ඔවුන් පමා වී හෝ ඇත්ත තේරුම් ගෙන ලබා ගැනීමෙන් පසුව සියල්ල නිවැරදි බවට පත් වනු ඇත.
  • ඒ වගේම ඔබ සෑම විටම සිතන්නේ ඔබ පොහොසතෙක් කියලා. කිසිම විටෙක දුප්පත් කියලා ඔයා හිතන්නෙ නෑ. දුප්පත් වුනත් පොහොසතෙක් කියලා පෙන්නන්න ඔබ වැඩි කැමැත්තක් දක්වයි.
  • බුද්ධිය නිසි ලෙස යොදවා ධනය උපයා පොහොසතකු වීමට ඔබ සතු කලා හැකියාවන් ඔබට පිහිට වෙනවා.
  • උසස් නිලතල මෙන්ම භාග්‍යවන්ත ජීවිතයක් ද ගත කිරීමේ වාසනාව ඇත.
  • කුඩා කල සිටම තම දක්ෂතාවන් ප්‍රසිද්ධියට පත් වන අතර නමට ඉහලම ප්‍රසාදයක් හා ප්‍රචාරයක් හිමිවන බව කියනවා. කාලයක් යනතුරු දනන් මුව රැව් පිළිරැව් දෙන නාමයක් ලැබීමට තරම් ඔබ වාසනාවන්ත වෙනවා.
  • ඔබ තද, මුරණ්ඩු, හිතුවක්කාරකමෙන් අඩු නැති චරිතයකි. යම් කටයුත්තක් කිරීමට පහසුවෙන් භාරගන්නේ නැත. එසේ භාර ගැනීමට සිදුවුවහොත් එය අවසානය දක්වාම කිසිවෙකුගේ හෝ උදව් උපකාර නොපතා කරගෙන යෑම ඔබ සතු විශේෂත්වය ලෙස පෙන්වා දිය හැක.