Hela Rahas

Hela Rahas Official Web Portal

කාන්තාවකගේ මුහුණෙන් පවසන පලාපල 18ක්

දේහ ලක්ෂණ විද්‍යාව අනුව ඇයගේ මුහුණ ඇයගේ චරිතය පිළිබිඹු කරන කැඩපතක් බඳු වේ. මුහුණෙහි පවතින හැඩරුව හා යම් යම් ලක්ෂණ අනුව ඇගේ චරිතය මෙසේ යැයි දේහ ලක්ෂණ විද්‍යාවෙහි සඳහන් කර ඇත. ස්ත්‍රියකගේ මුහුණෙහි පවත්නා විවිධ ලකුණු අනුව පැවසෙන පලාපල විවිධාකාර ලෙස දේහ ලක්ෂණ විද්‍යාව අනුව දක්වා ඇත.

  • ස්ත්‍රියකට මදක් පිරුන වටවූ පියුමක් සේ පියකරු මුහුණක් ඇතිද ඇය හැබෑම වාසනාවන්තියක්. තම ස්වාමියාට සෙනෙහෙබර භාර්යාවක් වන ඇය ගෙදරදොර වැඩ කටයුතු නොපිරිහෙලා ඉටුකරන නිවසට සිරිකතක්. වාසනාවන්ත දූ පුතුන් ලැබ දිවි ඇතිතුරාම සතුටින් විවාහ ජීවිතයක් ගත කිරීමට ඇයට වාසනාව ඇත.
  • හතරැස් මුහුණක් ඇති කාන්තාව දුරදිග බලා කටයුතු කරයි. ඉතිරි කිරීමට හා දියුණුවට සැමියාට අත්වැලක් සේ ක්‍රියා කරයි.
  • දිගටි මුහුණක් හිමි කාන්තාව ඉතා අහංකාරය. නිතර අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වෙයි. එහෙත් සමාජයේ ඉහළ තනතුරු ලැබීමට වාසනාව ඇත. විවාහ ජීවිතයේ දී ද සැමියාට වඩා ප්‍රබලව නැඟී සිටියි. දුෂ්චරිතයට බර වේ.
  • මුහුණ කඩවසම් ගතියෙන් යුක්ත ස්ත්‍රිය කර්මාන්තයෙහි දක්ෂ අනුන් කෙරෙහි සැක උපදවන, එසේම තම අදහස් පමණක් ඉටුකර ගැනීමට උත්සාහ දරනවා.
  • රළු ගති මුහුණ ඇති ස්ත්‍රීන් පුරුෂයින් මෙන් රළු ගති අය වේ.
  • මුහුණේ දකුණු පැත්තේ රතු ඉන්නෙක් හෝ කැළලක් පිහිටියේ නම් එවැනි ස්ත්‍රිය හදිසියේම වාගේ ධනවත් වන කරුණාව හා මෛත්‍රියෙන් පිරුණ තැනැත්තියක්.
  • සිලිටු වූ හොඳ කඩවසම් මුහුණක් පිහිටියේ නම් කඩිසර බවද, තියුණු වූ හොඳ ඥානයක් ඇති බවද මිහිරි ලෙස කතා කරන බවද සියල්ලන්ට අවංකව ආදරයෙන් කටයුතු කරන්නියක් ද වේ.
  • රක්ත වර්ණවූ මුහුණක් පිහිටියේ නම් ශාරීරික දුර්වලතා ද, සිහි නුවණ අඩු බවද ශරීර ශක්තිය හීන බවද, රෝග පීඩාවලින් නිතර පීඩා විඳින බවද කියැවේ.
  • මුහුණේ දිග පළල එක සමානව ඇති මසින් පිරීගිය මුහුණක් හිමි කාන්තාව වෙළඳ ව්‍යාපාරවලට දක්ෂකමක් දක්වයි. මුලින් සුළුවෙන් ආරම්භ කරන ව්‍යාපාර පසුව මහා පරිමාණ ව්‍යාපාර දක්වා දියුණු කිරීමේ ශක්තිය වාසනාව ඇයට හිමියි. සැපවත් නිවාස, දැසි දස්සන්, යාන වාහන පවා ලැබ සතුටින් ජීවිතය ගත කිරීමට ද මෙවැනි කාන්තාවන්ට වාසනාව ඇත.
  • ඉතා කුඩා මුහුණක් හිමි කාන්තාවගේ ජීවිතය එතරම් සාර්ථක නොවේ. අධ්‍යාපන කටයුතු මෙන්ම පවුල් ජීවිතයද අසාර්ථකය. හැම දෙයකටම බාධා එල්ලවෙයි.
  • ස්ත්‍රියකගේ මුහුණේ අලංකාරය වැඩිවන්නේ නළලේ පිහිටීම අනුවය. උස් වූ නළලක් කෙනෙකුට පිහිටියේ නම් ඇයට සියලු සැප සම්පත් ලැබීමේ වාසනාව ඇති බවද නළල මැද උස්ව ඉහළින් හා පළලින් මස් කඳු දෙකක් මෙන් පිහිටා මැද ගැඹුරු ලෙස පිහිටා ඇත්නම් නොයෙකුත් කර්මාන්තයන්හි දක්ෂ සැලකීමක් ඇතිව හැම කාර්යයක්ම කරන රළු වූ කතාවෙහි දක්ෂ ය.
  • නළල දික්ව පිහිටි ස්ත්‍රියකගේ ස්වාමි පුරුෂයා අකාලයේ මිය යාම නැතහොත් වෙන්වීම බොහෝවිට වේ.
  • නළල කෙළවර ගැට සහිතව පිහිටියේ නම් ඇය සොර සිතක් ඇති සල්ලාල ගැහැනියක් හැටියට සැලකේ.
  • මධ්‍යම ප්‍රමාණයේ ඝනව, දිගටිව පිහිටා ඇති කොණ්ඩය ඇති ස්ත්‍රින් බොහෝ සැප සම්පත් ලබන අතර තම උත්සාහය තුළින් ජීවිතය ජය ගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. ලේඛන කලාව හා මාධ්‍ය අංශවලට ද සම්බන්ධවන මොවුන් හොඳ සංකල්පනාවන් බිහි කිරීමට සමත් ය. එමෙන්ම ඒ කොණ්ඩය ඇයට ආභරණයක් වේ.
  • දුන්නක් ආකාරයෙන් පිහිටි ඇහි බැමි මෘදු නීල වර්ණ රෝමවලින් පිහිටියා වූ ස්ත්‍රිය කාම සම්පත් හා වස්තු ලබන රාගාධික තැනැත්තියක් වේ.
  • අලංකාර ලෙස දික්ව කෙලින් පිහිටා ඇති නාසය ඇති කාන්තාවට නොයෙක් සුබ පලදෙයි. යන එන හැම තැනක දීම මුල් තැන හිමි වේ. මේ කාන්තාවන් ඉතා වාසනාවන්ත ය. සැප සම්පත් හිමි යහපත් ස්වාමිපුරුෂයෙක් ලැබේ.
  • ස්ත්‍රියකගේ දෙකන් එල්ලෙන ස්වභාවයෙන් හා වටවූ ආකාරයෙන් පිහිටියේ නම් ශුභපල අධික වන්නේ ය. වැහැරුණ කන් පිහිටියේ නම් අශුභ බව පෙන්නුම් කරයි.
  • සුදු මැලි මුහුණක් ඇති ස්ත්‍රින් මාංශ භක්ෂණයෙහි ආසා ඇති බවද, බය සහිත බවද කියනවා.