Hela Rahas

Hela Rahas Official Web Portal

විවාහ ජීවිතය අවුල් කරන නිදන කාමරයේ වාස්තු දෝෂ 10ක්

විවාහ ජීවිතයක් සාර්ථකව ගතකරන්න නම් අත්‍යවශ්‍යම දෙය තමා දෙන්නා අතර තියෙන අන්‍යෝන්‍ය බැඳීම හා විශ්වාසය. ඉතිං ඒ වගේම ගෙදර තියෙන සමහර අංග, දෝෂත් විවාහ ජීවිතය සුභදායී වෙන් බලපාන බව ඡ්‍යොතිෂයෙ විද්‍යාව කියනවා. විවාහයක දිගුකාලීන සහ යහපත් පැවැත්මට අඹු සැමියන්ගේ ජන්ම පත්‍රවල පවතින ග්‍රහ පිහිටීම් මෙන්ම ඔවුන් ජීවත්වන නිවස සහ එහි වටපිටාව ද ඝෘජු ලෙස බලපාන බව ඡ්‍යොතිෂයෙහි සඳහන්.

අඹු සැමියන්ගේ එකතුවීමේ කේන්ද්‍රස්ථානය ලෙස සළකන්නේ නිදන කාමරයයි. මේ නිසාම විවාහ ජීවිතයේ දී නිදන කාමරයට සුවිශේෂී තැනක් හිමිවේ. විශේෂයෙන් සෙනහසින් පිරි ප්‍රීතිමත් විවාහ ජීවිතයකට මෙන්ම භේද බින්න වී ගැටලු සහිතව ඉදිරියට යන විවාහ ජීවිතවලට සහ කෙටි කලකින් දික්කසාදවී වෙන්වෙන විවාහ ජීවිතවලට ද නිවසේ සහ නිදන කාමරයේ ඇති වාස්තු දෝෂ බලපාන බව ඡ්‍යොතිෂයෙ කියනවා.

ජෙයාතිර්ෂවේදය කියන්නේ නිදන කාමරයෙ ඇතුළත මෙන්ම එය අවට ඇති ස්වභාවික විශ්ව ශක්තිය අඹු සැමියන්ගේ බැඳීම සමඟ සම්බන්ධ ජීවන ගමනේ දෛවෝපගත සිදුවීම් තීරණය කරන බවයි. ඉතිං මේ ලිපියෙන් කියන්නෙ වාස්තු දෝෂ අවම වන ආකාරයට නිදන කාමරය සකස් කරගන්නා ආකාරය.

  • නිදන ඇඳ ඊශාන දිග හෝ උතුරු දිශානුගතව ස්ථානගත කළයුතු ය. ඉන් අඹු සැමියන්ගේ චිත්ත වේගයන්, පවතින කම්පන මෙන්ම ඔවුන් අවට පවතින ශක්තිය සක්‍රීය වී ධනාත්මක වෙමින් ආතතියෙන් තොර සරාගී සහ සෘංගාරාත්මකව එකතුවන ජීවිතයකට මඟපාදයි.
  • වයඹ දිශාවට නිදන කාමරය පිහිටීමෙන් නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුවෙන අතර, සමහර විට මානසික ආබාධ සහ උෂ්ණාධික රෝග ඇතිවීමට ද ඉඩ ඇත.
  • රූපවාහිනි, ලැප්ටොප්, පරිගණක නිදන කාමරයේ තබා ගැනීමෙන් වළකින්න. ඊට හේතුව මෙම උපකරණ මඟින් නිකුත්වන තරංග මඟින් ඉහත දක්වන ලද ස්වාභාවික ශක්තීන්වල ක්‍රියාකාරීත්වය අඩපණ වේ.
  • නිදන කාමරය තුළ ඡායාරූප එල්ලීම සුදුසු නොවන අතර, විශේෂයෙන් ආගමික හෝ දේව රූප එල්ලීමෙන් වළකින්න.
  • නිදන ඇඳ, නිදන කාමරයට ඇතුළුවන දොරට මුහුණලා ස්ථානගත නොකළයුතු ය.
  • වඩාත් යෝග්‍ය වන්නේ අඹු සැමියන් එක මෙට්ටයක නිදා ගැනීමයි.
  • අබලන්වී ඇඳක නිදා ගැනීමෙන් වැළකිය යුතු අතර ඉරි පළු දු වී ගිය ඇඳ ඇතිරිලි භාවිතා නොකළ යුතු ය. ඊට හේතුවව සෘණාත්මක හෝ අශුභ ස්පන්දනයන් ඇතිවිය හැකි නිසා.
  • විවිධ ස්වභාවික මල් වර්ග, මල් පෝච්චි සහ පැළෑටි වර්ග නිදන කාමරයේ තබා ගැනීම සුදුසු නොවන අතර, කණ්ණාඩි මේස තබා ගැනීම ද එතරම් සුදුසු නැත.
  • නිදන කාමරයේ අඳුරු පැහැති තීන්ත වර්ග ආලේප නොකරන්න.