Loading...
ඔබ ගන්නා ආහාරවල හා බීමවල කොපමණ සීනි ප්‍රමාණයක් තියෙනවද? කියලා හරියටම මේ ලිපිය කියවලා දැනගන්න.
අපගේ වර්තමාන හා කාර්යබහුල සමාජයේ අපි ගන්නා ආහාර වල පෝෂ්‍යදායි සමබර තත්වයක් පවත්වා ගැනීම අසීරු කරුණක්ව පවතී. සීනි එම පෝෂ්‍යදායි පදාර්ථයන්ගෙන් එක් කොටසක් වන අතර ඒවා ලබානොගත හොත් ශරීරය තුල ඇති ජීව සෛල විනාශ වී යනු ඇත.කෙසේ වෙතත් සීනි වැඩිපුර ගැනීමෙන් දුර්වල දත් ඇතිවී, තරබාරුකම, දියවැඩියාව වැනි ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. අපි ගන්නා ආහාර වල කොපමණ සීනි ප්‍රමාණයක් තිබේදැයි හැදින ගැනීමෙන් ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කර හැක.
සීනි යනු කුමක්ද?
සීනි යනු සරල කාබෝහයිඩේටයකි. ප්‍රධාන වශයෙන් වර්ග 03කි. ඒවා නම් සුක්රෝස්, ලැක්ටෝස් සහ ප්රක්ටෝස්ය. අපගේ ශරීරයේ සෛල වල පැවැත්ම සදහා සීනි අවශ්‍ය වුවත් අධික ලෙස ඒවා පරිහරනය කිරීමෙන් සෞඛ්‍යම ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. වැඩිපුර සීනි ආහාරයට ගැනීමෙන් අතිරේක පෝෂණයක් නොලැබෙන අතර ඒවා නිසා දත් දිරා යාම, දියවැඩියාව හා තරබාරුකම ඇතිවේ. එසේම ඇමරිකානු හෘදරෝග පිළිබද සංගමයද ප්‍රකාශ කර ඇත්තේ අතිරේක සීනි ප්‍රමාණයක් ගැනීමෙන් කිසිම පෝෂණ ගුණයක් ශරීරයට ඇති නොවන බවයි. වැඩිපුර සීනි ආහාරයට ගැනීමෙන් වැඩිපුර බර ප්‍රමාණයක් ඇති වීමට ඉඩ ඇති අතර, එය තරබාරු වීමටද හේතු වේ. ඒ අනුව හෘදයේ සෞඛ්‍ය තත්වයද පිරිහෙනු ඇත.
අපගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමේදී අප ගන්නා ආහාර වල ඇති, එකතුකරන ලද සීනි ප්‍රමාණය ගැන අප දැනගත යුතුය. 2015 මාර්තු මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශය අනුව වයෝවෘද්ධ පුද්ගලයන් සහ ළමුන් භාවිතා කරන සීනි ප්‍රමාණය, ඔවුන් ගන්නා සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් 10% ක් අඩුකල යුතු බවත්, එය තවදුරටත් 5% දක්වා අඩු කිරීමෙන් අතිරේක සෞඛ්‍යම වාසියක් ඇතිවන බව පැවසේ. සීනි තේ හැන්දක් 4g හා සමාන වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව දෛනිකව අප ගන්නා ශක්ති ප්‍රමාණයෙන් 5% ක සීනි පරිභෝජනය අඩුකල විට එය තේ හැදි 06ක සීනි ප්‍රමාණයක් අඩුකලා හා සමාන වේ.
සාමාන්‍ය ආහාර වල හා බීමවල අන්තර්ගත සීනි ප්‍රමාණය
ඔබ ගන්නා පොදු ආහාර හා බීම වල කොපමණ ප්‍රමාණයක් සීනි ඇත්ද යන්න අවබෝධ කරගැනීම සදහා දිනපතා ගන්නා ආහාර වලින් සමහරක් ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය සමග ලයිස්තුගත කර ඇත. මේවායෙන් සමහරක් ඔබ මවිතයට පත්කරනු ඇත.
චොක්ලට් කැබැල්ලක කොපමණ සීනි ප්‍රමාණයක් ඇත්දැයි බලමු.
Snickers bar (52.7g) – 6.75 teaspoons of sugar
Milk chocolate bar (44g) – 5.75 teaspoons of sugar
Milk Way bar (58g) – 8.75 teaspoons of sugar
3 Musketeers bar (60g) – 10 teaspoons of sugar
Butterfinger bar (60g) – 7 teaspoons of sugar
Dove chocolate bar (40.8g) -5.5 teaspoons of sugar
Hershey’s Milk Chocolate bar (43g) - 6 teaspoons of sugar
Twix bar (50.7g) - 6 teaspoons of sugar
Milk chocolate M&M’s packet (47.9g) – 7.5 teaspoons of sugar
·
සිසිල් බීම වල කොපමණ සීනි ප්‍රමාණයක් අඩංගුද?
Coca cola (one can) – 8.25 teaspoons of sugar
Pepsi cola (one can) – 8.75 teaspoons of sugar
Pepsi cola (one can) – 8.75 teaspoons of sugar
Sprite (one can) – 8.25 teaspoons of sugar
Mountain Dew (one can) – 11.5 teaspoons of sugar
Old Jamaica Ginger Beer (one can) – 13 teaspoons of sugar
පලතුරු වල අඩංගු සීනි ප්‍රමාණය
Mangos - 3.2 teaspoons of sugar
Bananas – 3 teaspoons of sugar
Apples – 2.6 teaspoons of sugar
Pineapples – 2.5 teaspoons of sugar
Grapes - 4 teaspoons of sugar
Lemon – 0.6 teaspoons of sugar
Kiwi fruit – 2.3 teaspoons of sugar
Apricot – 2.3 teaspoons of sugar
Strawberries –1.3 teaspoons of sugar
Raspberries – 1 teaspoons of sugar
Blueberries – 1.7 teaspoons of sugar
Cranberries – 1 teaspoons of sugar
Tomatoes – 0.7 teaspoons of sugar
කේක් සහ අතුරුපස වල අඩංගු සීනි ප්‍රමාණය
Carrot cake(1 medium slice) – 3 teaspoons of sugar
Banoffee pie (1 medium portion) – 4.25 teaspoons of sugar
Custard(1 medium portion) – 3.25 teaspoons of sugar
Chocolate mousse (1 medium portion)- 3 teaspoons of sugar
Donut (1 jam dounut) - 3.51 teaspoons of sugar
Fruit cake (1 medium slice) – 5 teaspoons of sugar
Fruit pie (1 medium portion) – 3.5 teaspoons of sugar
Muffin(1 chocolate chip muffin) -4.75 teaspoons of sugar
Rice Pudding(1portion) – 3.75 teaspoons of sugar
Ice cream(1Scoop) -3 teaspoons of sugar
Sponge cake (1Medium Slice) – 5.5 teaspoons of sugar
Swiss roll(1 roll) – 2.5 teaspoons of sugar
සකස් කලේ - ඒ.ඒ.සී.වී. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
0 comments:
Post a Comment