අපේ ශරීරයේ බර අඩු වෙන්නේ ඇයි දන්නවද? මෙන්න එකට බලපාන හේතු අනිවා දැනගන්න.
අපේ ශරීරයේ බර අඩු වෙන්නේ ඇයි දන්නවද? මෙන්න එකට බලපාන හේතු අනිවා දැනගන්න.
Chalmers තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ගණිතමය ආකෘතියක් නිර්මාණය කළා. එමගින් ඔවුනට විවිධ පුද්ගලයන් විශේෂ ආහාර වේලකට තමන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ජිවත් වන ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ග සහ ප්‍රමාණ වලට අනුව ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යනය කිරීමට හැකියාව ලැබෙනවා.
මේ මගින් විවිධ පුද්ගලයන්ට තමන්ගේ ආහාර වේල වෙනස් කරගැනීමේ අවස්ථාවක් උදාවෙනවා. මේ නිසා බර අඩු කරගැනීමට වගේම ලෙඩ රෝග වලින් ඈත්ව ඉන්නත් උදව් වෙන ආහාර වේලක් නිර්මාණය කරගැනීමේ හැකියාවක් පවතිනවා. මේ පර්යේෂණ වල සාර්ථකත්වය අනුව බැක්ටීරියා සැලකිල්ලට ගනිමින් පුද්ගලයන්ට සුදුසු ආහාර වේල් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතිනවා.
මේ පර්යේෂණයට දායක වන මහාචාර්ය Karine Clement පවසා සිටින්නේ මෙහි සාර්ථකත්වය අනුව පරිවෘතිය ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන රෝගීන්ගේ ශරීර වලට අවශ්‍ය බැක්ටීරියා බාහිරින් ඇතුලත් කිරීමේ ක්‍රියාවලියක් වුව ද සිදු කිරීමට හැකිවනු ඇති බවයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
අපේ ශරීරයේ බර අඩු වෙන්නේ ඇයි දන්නවද? මෙන්න එකට බලපාන හේතු අනිවා දැනගන්න.
Reviewed by News Hub
on
1:52 PM
Rating:

No comments: