උපත් පාලන ලූප පාවිච්චි කරන්න කලින් මේ ගැනත් දැනගත්තොත් හොදයි.


උපත් පාලන ලූප පාවිච්චි කරන්න කලින් මේ ගැනත් දැනගත්තොත් හොදයි.

උපත් පාලනය සදහා අවුරුදු 10 ක කාලයක් ආවරණය කරන උපත් පාලන ලූපයක් භාවිතා කිරීමේදී මේ කරුණු පිළිබදව ඔබ සැලකිලිමත් විය යුතුයි.

01. දැනට ලිංගිකව සම්පේ‍්‍රෂණය වන ආසාදන තත්ත්වයක් තිබෙනම් ඔබට ලූපයක් පැලදිය නොහැකියි. එසේ කරනවා නම් නිශ්චිත කාලයකට අවශ්‍ය ප‍්‍රතිජීවක ඖෂධ අනිවාර්යයෙන් ලබාගත යුතුයි. එය වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත සිදුවිය යුතුයි.

02. ශ්‍රෝණි කුහරයේ ඇති වන ආසාදන තත්ත්වයකින් ඔබ පීඩා විදින්නේ නම් ඔබට ලූපය සුදුසු නැහැ.

03. මෑතකදී ගබ්සාවක් සිදුවූයේ නම් ලූපය නුසුදුසු වනවා.

04. තවම හේතුවක් සොයා නොගන්නා ලද යෝනි මාර්ගයෙන් සිදුවන ලේ ගැලීමකින් ඔබ පීඩා විදිමින් සිටින්නේ නම් හේතුව සොයා ගන්නා තෙක් ලූපයක් පලදින්න එපා.

05. ගර්භාශ බිත්තියේ හෝ ගැබ් ගෙලෙහි පිළිකා තත්ත්වයක් පිළිබදව සැක කරන්නේ නම් හෝ ඒ සදහා ප‍්‍රතිකාර ලබමින් සිටිනවා නම් ඔබ ලූපය භාවිතා නොකල යුතුයි.

06. ගර්භාෂ බිත්තියේ ගෙඩි තිබෙනවා නම් හෝ ස්කෑන් පරීක්ෂණ මගින් ගර්භාෂයේ යම් අසාමාන්‍යතාවයක් සොයාගෙන ඇත්නම් ඔබට ලූපය සුදුසු නැහැ.

07. තඹ හෝ තඹ ආශි‍්‍රත නිෂ්පාදනයකට ඔබට අසාත්මිකතාවයක් ඇතිවී ඇත්නම් තඹ ආලේපිත උපත් පාලන ලූපය නුසුදුසු වනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
උපත් පාලන ලූප පාවිච්චි කරන්න කලින් මේ ගැනත් දැනගත්තොත් හොදයි. උපත් පාලන ලූප පාවිච්චි කරන්න කලින් මේ ගැනත් දැනගත්තොත් හොදයි. Reviewed by News Hub on 3:02 AM Rating: 5

No comments:

Powered by Blogger.