.

අක්මාවේ මේදය තැන්පත් වීම නිවසේදී සුව කළ හැකි සරල ප්‍රතිකර්මමේ ලෙඩේ හැදෙන්න කලින් ඔබත් සතියකට වතාවක් මේ පානය බොන්න.

Loading...

අක්මාවේ මේදය තැන්පත් වීම නිවසේදී  සුව කළ හැකි සරල ප්‍රතිකර්මමේ ලෙඩේ හැදෙන්න කලින් ඔබත් සතියකට වතාවක් මේ පානය බොන්න.

අක්මාවේ ආබාධයන් ජීවිතයට අවධානමක් ඇති කළ හැක. අනෙක් අතට ඒවා මුල් අවධියේදීම සුව කරගැනීම මඟින් ඉන් ආරක්ෂා විය හැක. මේ ලෙස ඇති වන එක් ආබාධයක් වන්නේ අක්මාවේ මේද තැන්පත් වීම හෙවත් fatty liver තත්වයයි. අක්මාව තුළ මේද සෛල එකතු වීම මඟින් මෙම තත්වය ඇති වේ. මෙම සෛල අක්මා පටක වලට බලපෑම් කරන විට අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාල වේ. මෙවිට අක්මාව ඉදිමේ. සාමාන්‍යෙයන් මේ තත්වය දැකිය හැක්කේ තරබාරු පුද්ගලයින් තුළය. නමුත් බොහෝ අවස්ථාවල කෙට්ටු පුද්ගලයින් ද මේ තත්වයට ගොදුරු වේ. ස්ථූල හා දියවැඩියාව ඇති අයට මෙය වැළඳීමේ අවධානම වැඩි ය.

දියවැඩියාව, තරබාරුබව, අයහපත් ආහාර පුරුදු මෙන්ම ඇල්කොහොල් භාවිතය ද මෙයට හේතු වශයෙන් දැක්විය හැක. දිගින් දිගටම මේ තත්වයන් පැවතීම ජීවිත හානි පවා ගෙන දිය හැක. නමුත් මේ සඳහා ප්‍රතිකර්ම වලට යොමු වීම මඟින් මෙය සුව අතට පත්කර ගත හැක.

මෙහි ඇති බැරෑරුම් සහගත බව වන්නේ රුධිර පරීක්ෂාවක් හෝ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන තෙක් මෙම රෝගී තත්වය වැළඳී ඇති බව හඳුනාගත නොහැකි වීමයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍යය.


මේ ලිපියෙන් ගෙන එන්නේ මේ තත්වයට නිවසේදීම කරගත හැකි ප්‍රතිකර්ම කිහිපයකි.


උණුසුම් ජලය කෝප්පයකට apple cider vinegar බිංදු කිහිපයක් දමා මාස දෙකක් පමණ දිනපතා කෑමට පෙර පානය කරන්න.



02. දෙහි  හා ජලය

මාසයක් පුරා දිනපතා දෙහි දැමූ ජලය පානය කරන්න. දෙහි වල ඇති vitamin C මඟින් අක්මාවේ ඇති විෂ ඉවත් කරයි. එමෙන්ම අක්මාවේ ක්‍රියාකාරීත්වය ද ක්‍රමානුකූල කරවයි.



03. ග්‍රීන් ටී

දිනපතා උදෑසන හා සවස ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීම මඟින් අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරවන බව අධ්‍යයනයන්ගෙන් සොයාගෙන ඇත.



04. කහ සහ ජලය

උණුසුම් ජලයට කහ තේ හැන්දක් දමා දින 15ක් දිනකට දෙවරක් පානය කරන්න. කහ මඟින් අක්මාවේ මේදය තැන්පත් වීම වළක්වයි.



05. නෙල්ලි යුෂ

නෙල්ලි වල ඇති vitamin C මඟින් අක්මාවේ ඇති විෂ ඉවත් කිරීම සිදු කරයි. නෙල්ලි යුෂ තේ හැන්දක් දින 25ක් සෑම උදෑසනකම පානය කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment