විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක
තරුණ වැඩිහිටියන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම, සම්බන්ධයෙන් හෘදරෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කනස්සල්ල පළ කරයි.
වසර 25කට වැඩි කාලයක් තිස්සේ තමන් හෘදරෝග වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දකුණු ආසියානු රටවල, අවුරුදු 40 ට අඩු පුද්ගලයන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම කනස්සල්ලට හේතුවක් බවත් වෛද්‍යවරයා ‘ඩේලි මිරර්’ පුවත්පත සමග අදහස් දක්වමින් පවසා ඇත.
‘අවුරුදු 25 ට වැඩි සහ 30 ගණන්වල මුල තරණයන් වෙනදාට වඩා හෘදයාබාධවලට ලක් වෙන බව දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් හෘදයාබාධ ඇතිවන්නේ වැඩිහිටියන්ට වුවත් මේ ආකාරයට 40 ට අඩු පුද්ගලයන් අතරේ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යෑම කනස්සල්ලට හේතුවක්. මෙම පුද්ගලයන්ට හෘදයාබාද ඇතිවන්නේ තරබාරුකම හෝ පවුල් ඉතිහාසය වැනි සාම්ප්‍රදායික අවදානම් සාධක නිසා නොවීම විශේෂත්වයක්.’ යැයි වෛද්‍යවරයා පැහැදිලි කර ඇත.
‘මගේ වෘත්තීය මතය අනුව, මෙසේ තරුණ ප්‍රජාව අතරේ හෘදයාබාද ඉහළ යෑමට හේතුව ඔවුන්ගේ නවීන ජීවන රටාවයි. දුර්වල ආහාර රටාව, ක්‍රියාශීලී නොවීම, නිදන්ගත ආතතිය සහ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම. ඊට හේතුව ලෙස මා දකිනවා’ යැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.
හෘදයාබාධයකට ලක්වීමෙන් වැලැකී සිටීමට නම්, නිරෝගී දිවියක් අත්‍යාවශ්‍ය බවත්, හොඳ නින්දක් අවශ්‍ය බවත්, අවම වශයෙන්, සතියකට දින පහක් පමණ හෝ විනාඩි 40 ක් ශාරීරික ව්‍යායාමවල නියැලිය යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි.
දිනපතා ඇවිදීම ඔබේ හදවත ආරක්ෂා කර ගැනීමට ඇති සරලම මෙන්ම හොඳම ව්‍යායාමය බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදැලි කර ඇත.
(ඩේලි මිරර් ඇසුරිනි)
විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක
Reviewed by Idapz Digital
on
9:09 PM
Rating:

No comments: