ජ්‍යොතිෂ්‍ය හදාරණ ඔබ එක්කෝ ජ්‍යොතිෂය හරවත්යයි පිළිගන්නා බව උත්තර ධ්‍රැවයේ සිට දක්‍ෂිණ ධ්‍රැවය දක්වා අති අක්‍ෂය වටා පැය 24 කට වරක් කැරකෙන බව සාමාන්‍යයෙන්ම පිළිගනියි. කුඩා කළ සිටම ඉගෙන ගෙනද තිබේ. මෙම කාල ය තුළ රාශි 12 ම උදාවී බැසයන බවද ඔබ දන්නේය. චන්ද්‍රයාට පොළව වටා යාමට දින 2 ½ පමණ ගතවන බවද ඔබ පිළිගනී. මුලු ග්‍රහ මණ්ඩලයම මෙසේ උදාවි බැස යයි.

 
මෙම රාශ්‍රි ගමනක් මිනිස් ජීවිතයෙත් අතර ඇත්තේ ද නොමැකෙන සම්බන්ධතාවයෙකි. මෙම සබඳතාවයකි. අංක විද්‍යාවත් අතර ඇත්තේ ද දැඩි සබඳතාවයෙකි. සුර්ය ග්‍රහ මණ්ඩලය සහ අංක විද්‍යාව අතර පවතින සබඳතාවය අපි සරලව සලකා බලමු. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීම මෙම ගමනේ ආරම්භය ලෙස අපි සලකන්නෙමු එය කෙතරම් අපට සම්බන්ද දැයි අප කරන කියන කටයුතු වලින් පෙන්වා දීමට පුලුවන.
 
සුර්යයා මීන රාශියේ සිට ප්‍රථමයෙන් පිවිසෙන්නේ මේෂ රාශියටය. අඟහරුගේ පාලනයට අයත් එම කාලය තුළ ධනාත්මක අදහස් ක්‍රියාත්මක වේ. නව වර්ෂයක් ද ඇරඹේ ධනාත්මක අදහස් ක්‍රියාත්මක වෙයි. ගස් වැල් මලින් පිරෙයි පරිසරය දී අලංකාර වෙයි. අඟහරු යන සූර්යයාගේ සිට සිව්වන ග්‍රහ වස්තුවයි. අංක වශයෙන් එය අයත් වන්නේ 9 ටය. ජ්‍යොතිෂයේ පෙන්වන තත්ත්වයටත් වඩා වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මේෂයේදී දෙපැත්තකින්ම ක්‍රියාත්මක වෙයි. එසේම තද බල ලෙස ක්‍රියාකාරීය. එක මේ හිතන පතන තත්ත්වයක් ඇති නොකරයි. හොඳ හෝ වේවා නරක හෝ වේවා උපරිමයෙන් දෙන තත්වයකි. 
 
අඟහරු ග්‍රහයාට හිමි අංකය වන්නේද 9 වෙයි. බලපෑම මාර්තු 20 සිට අප්‍රේල් 20 දක්වාය. මේ කාලය තුළ ධනාත්මක බලපෑම් ඇතිවෙයි. ඔක්තෝබර් 20 සිට නොවැ 21 දක්වා කාලය මෙහි ඍණාත්මක බලය වේ. එම කාලයේදී ටිකක් දුරට ක්‍රියාකාරී ගවේෂය අඩුවී යයි.
 
දෙවන රාශිය වන්නේ ‘වෘෂභ’ යයි. අප්‍රේල් 20 සිට මැයි 20 දක්වා කාලය තුළ දළ වශයෙන් වෘෂභයේ සිටියි. වෘෂභය පාලනය කරන්නේ සිකුරුය. මෙය නිර්දේශවන්නේ අංක 6 යෙනි. මෙහිදී ස්ථාවර බව සහ ආරක්‍ෂාව ඉතාම තදින් බලපායි. මෙය ධනාත්මක අදහස් තදින්ම බලාපන කාලයෙකි. අප්‍රේල් 20 සිට මැයි 20 දක්වා තදින් ධණාත්මකව බල පැවැත්වේ. 
 
ස්වාභාවික වශයෙන් ද මේ යුගය ජනතාවට යහපත්ය. මිනිසාගේ ජීවිතයේ ධණාත්මක කටයුතු එනම් විවාහය. නිවාස සාධනය වැනි කටයුතු රැසක් සිද්ධ වන්නේ මෙම යුගයේදීය ඔක්. 21 සිට නොවැම්බර් 20 දක්වා කාලය සෘණාත්මක යුගය වේ. මේ කාලයේ දී බොහෝ දුරට ඵලදායී බව දුර්වලවේ. කෙසේ වෙතත් ධන සෘණ කාල දෙකෙහිදීම කිසියම් බලපෑමක් දක්නට තිබේ.
 
රාශි චක්‍රයේ තෙවැන්න මිථුන වේ. මෙම තාරකා මණ්ඩලය අයත් වන්නේ බුදගේ පාලනයටයි. මැයි 21 සිට ජුනි 20 දක්වා කාලය මෙයට අයත්වේ. මෙම කාලය තුළ බුද ග්‍රහයා ඉතා හොඳින් ධනාත්මකව යහපත්ව හැසිරෙයි. බුද සූර්යයාගේ ආසන්නයේ සිටීම හැසිරේ. බුද පෘතුවියේ සිට තුන්වන ග්‍රහයා වේ. එසේම මේ  කාලයේදී බුද ග්‍රහයා ඉතාම හොඳින් යහපත්ව හැසිරේ. නිර්මාණී බව ක්‍රමවත් බව පිළිවෙලකට සිටීම බුදගේ පිළිවෙතයි. සිතත් ගතත් එකම ලෙසට යොදවා ධනාත්මක චිත්තනයකට ගෙන යාම බුදගේ පිළිවෙතයි. වහ වහා ක්‍රියාත්මක වීමේ ශක්තිය හිමිවුවත් ඉක්මන් කලබලකාරී නොවේ. එහෙත් බුදගේ වෙලාව අවුල්වන කාලයක් තිබේ. ඒ අගොස්තු 28 සිට සැප්තැම්බර් 21 දක්වා කාලයයි. මේ කාලය සෘණාත්මක අගයක් ගනී. හතරවන තාරකා මණ්ඩලය වන්නේ කටක රාශි මණ්ඩලයයි. මෙහි දී සුර්යයා ගමන් කරන්නේ ජුනි 21 සිට ජුලි 20 දක්වා කාලයයි. කටකයේ පාලක ග්‍රහයා චන්ද්‍රයාය. අංක 2 සහ 7 ධනාත්මක කාලයයි. ආරක්‍ෂාව රැක බලා ගැනීම අනුකම්පාව මවු සෙනෙහස වැනි ධනාත්මක බලයක් මේ කාලයට තිබේ. මෙහි සෘණාත්මක කාලය වන්නේ නොවැ 21 සිට දෙසැම්බර් 20 දක්වා කාලයයි.
 
තාරකා විද්‍යාවට අනුව ඊලගට උදාවන්නේ සිංහ රාශියයි. සිංහ රාශියේ අධිපතියා වන්නේ සූර්යයාය. මෙහි ධණාත්මක බව ජුලි 20 සිට අගෝස්තු 21 දක්වා කාලය තුළ පවතියි. අංක 1 සහ 4 මෙහි ත්‍රීවු කාලය වේ. දීප්තිය සහ යෝගය දීම දියුණුවේ උපරිමයට යාම මෙහි මෙකල ලක්‍ෂණ වේ. මෙය සලකන්නේ පස්වන රාශිය හැටියටයි. මෙය ඉතාම බලවත් අංකයක් ලෙස සැලකේ.
 
සයවැනි රාශි අංකය ලෙස සැලකෙන්නේ කන්‍යා රාශියයි. මෙය එතරම් ප්‍රබලයයි සලක්නේ නැත. මෙහිද පාලකයා වන්නේ බුද ග්‍රහයාය. බුද එතරම් ධන බලාත්මක ග්‍රහයෙක් නොවේ. සාමාන්‍යයෙන් ගත්තද සෘණ බලාත්මක යුගයක් ලෙස සලකනු ලැබේ. අගෝස්තු 21 සිට සැප්තැම්බර් 20 දක්වා කාලය මෙයට අයත් කර දී තිබේ. පරමාර්ථ එතරම් දුරට ගණන් නොගෙන සිටීම අක්‍රමිකතාවලට නැඹුරු වීම මෙම යුගයේ ලක්‍ෂණ වේ. පරමාර්ථය රැක ගැනීම අවස්ථානුකූලව අතවශ්‍ය දේවලට නැඹුරු වීම මෙම යුගයේ ලක්‍ෂණ වේ.
 
 සිකුරු ග්‍රහයාගේ පාලනයට යටත් තුලා රාශිය හය මිලඟ ග්‍රහ යුගය වේ. සැප්තැම්බර් 20 සිට ඔක්තොබර් 20 දක්වා මෙම යුගය පවතින අතර ඉතාම විශිෂ්ට කාලයක් නොවේ. එහෙත් ධනාත්මක සිතුවිලි බලපාන කාලයක් වේ. ඉතාම ප්‍රබල නොවේ. සිකුරු ග්‍රහයාට අයත් කර දී තිබේ. ආවේගාත්මක බවත්ය. ….... ඉතාම ප්‍රබල තත්වයක් දක්නට නොමැතිය. ඕනෑම අලුත් දෙයක් ආරම්භයට සුභ කාලයකි.
 
‘ප්ලුටෝ’ ගහයාට අයත් කරදී තිබෙන අටවන රාශි යුගය හෙවත් ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 21 දක්වූ කාලය වඩාත්ම ධනාත්මක කාලයක් නොවේ. ප්ලුටෝ යන නොසැලකිලිමත් අවිචාරයෙන් කටයුතු කරන ග්‍රහයෙක්. …........... අන්ග්‍රහයන්ට වඩා වෙනස්ය. හිතුවක්කාරයෙකි. බොහෝවිට මෙම කාලය තුළ හිටියොත් වැඩ කරන්නේ ද ඒ ආකාරයෙනි. මෙහි සෘණාත්මක කාල යද විශේෂය. එය අංක 9 ට අයත්ය. බොහෝ විට ආත්මාර්ථකාමී ගති මතුවේ. තමන් ගැන පමණක් සිතන කාලයක් වෙයි. භෞතික සැප සම්පත් උරුමකර ගන්නට දැඩි කැපවීමක් කරයි. ‘ධනු’ රාශි යුගය වන්නේ නොවැ. 20 සිට දෙසැම්බර් 21 දක්වා කාලයටය. මෙම තරු පංතිය සූර්යයා සමග තදින්ම බැඳී පවතී. අයත් කරදී තිබෙන්නේ බ්‍රහස්පති ග්‍රහයාටය විශේෂයෙන් මෙය අයත් කරදී තිබෙන්නේ අංක 5 ටය. ධනාත්මක කාලයෙකි. මනා බුද්ධිමත් බවකින් කටයුතු කරන යුගයෙකි. සිතා මතා ඉතාම තැන්පත් අයුරින් කටයුතු කරන කාලයකි. බොහෝ දුරට වැරදි අඩු කාලයකි.
 
සෙනසුරු ග්‍රහයාගේ පාලනයට යටත් කරදී තිබෙන මකර රාශි යුගය දනවන තාරකා කාලය මේ කාලය වන්නේ දෙසැම්බර් 21 සිට ජනවාරි 20 දක්වා කාලයයි. මෙය අයත් වන්නේ අංක 8 ටය. වඩාත්ම ධනාත්මක කාලයෙකි. දැඩි වෙහෙසක් දරමින් තම …....... ගොඩ නගන්නට උත්සාහ කරනු ලබයි. පියකු වශයෙන් ඉතාම ප්‍රබල කාර්යයක් කරන කාලයක් ලෙස පෙන්වා දෙයි. දැඩි වෙහෙසකින් නැගී සිටිමට උත්සාහ දරන කාලයක් මෙය අයත්කර දී තිබෙන්නේ සෙනසුරුටය.
 
‘කුම්භ’ යනු 11 වන රාශි යුගයය. මෙය අයත්කර තිබෙන්නේ යුරෙනස් ග්‍රහයාටය. එයට හේතුවක් තිබේ. මෙම යුගය සහ ග්‍රහයා සම්ප්‍රදාය ඉහළින් ගෙන කටයුතු කරන කාලයකි. සාම්ප්‍රදායික කටයුතුවලට ඉතාම කැමතිය. පැරණි තත්වයෙන් අගය කරයි. මෙය කාලය වන්නේ ජනවාරි 20 සිට පෙබරවාරිය 20 දක්වා කාලයයි. එහි සෘණාත්මක යුගය වන්නේ අංක 8 යුගයයි. මෙහි බලය යුරේනස්ගේ වුවත් ක්‍රියාත්මක වන්නේ සෙනසුරු ග්‍රහයාය.
 
දොළොස්වන රාශි මණ්ඩලය වන්නේ මීන රාශියයි. අංක විද්‍යාත්මකව මෙය ද යුරේනස් ග්‍රහයාට අයත් කර දී ඇතත් වඩාත් බලපෑම ඇත්තේ බ්‍රහස්පතිටය. ඉතාම ධනාත්මක ග්‍රහයෙකි. සෑම දෙයක්ම පැකිලීමකින් තොරව කරන බව පෙනෙයි. ප්‍රබලය, ශක්තිමත්ය, තනිව තීරණ ගනියි. අංක 3 මෙහි සෘණාත්මක තත්ත්වයි. එම කාලයේ දී වැඩ කටයුතු අතපසු වේ.
 
සූර්යයා සහ රාශි චක්‍රයේ එක එක ග්‍රහයෝ එකාට එකා පසුකර යන අතර ඒ අන්දම ඔබට පැහැදිලියයි සිතමු. මේ සෑම සංක්‍රමණයකදීම පිවිසීමට දින 7 කට පෙරත් දින 7 කට පසුවත් ක්‍රමයෙන් නැගී එන සහ බැසී යන බලවේග හැටියටය. අංක විද්‍යාවේ දී මේවා කාල කෝණ ලෙස හඳුන්වයි. මේ නිසාම සෑම විටෙකම දෙපස බලපෑම දක්නට ලැබේ. ධනාත්මක වශයෙන්ද සෘණාත්මක වශයෙන් ද මෙම බලපෑම ඇතිවෙයි. ධනාත්මක වන්නේ ග්‍රහයාගේ බලවත් කම අනුවය. සෘණාත්මක වන්නේ ග්‍රහයාගේ දුර්වල බව අනුවයි.
 
1. සෞරග්‍රහ මණ්ඩලයෙත් විශ්වයේ තාරයා සහ ග්‍රහ වලල්ලේ වස්තුවලත් බලපෑම මිනිසාට පවතින බව ලෙසට පිළිගන්නා සත්‍යයකි. මේ නිසාම අංක විද්‍යාවේ දී මෙම තත්ත්වයන් සම්බන්ධයෙන්ද මෙම බැඳීම පවති, ජ්‍යොතිෂ විද්‍යාවත් අංක විද්‍යාවත් අතර ඇත්තේ නොවෙනස් බැඳීමකි. විද්‍යාවට අනුකූල විද්‍යාත්මක ආදී වශයෙන් ද හඳුන්වන්නේ ස්වභාව ධර්මයේ නීතියයි. ඊට විරුධවීම හානි ඇති වීමට හේතුවෙයි. තිරිසන් සතුන් පවා ස්වභාව ධර්මයේ නීතියට යටත්වේ. ස්ව්‍යාවය ධර්මයට පරිසරයට හානියක් සිද්ධ වීමට පෙර බොහෝ සතුන් ආරක්‍ෂක ස්ථාන කරා පිටව යති. භූ චලන සුනාමි ව්‍යවසන මුහුද ගොඩ ගැලීම ආදී අවස්ථාවල සතුන්ගේ හැසිරීම් රටාව පිළිබඳ අධ්‍යයනයක් කර බලන්න. සතුනට මෙම ව්‍යවසනය ඉවෙන් මෙන් දැනේන්නට පටන් ගනී. මෙම තත්ත්වය විද්‍යාවෙන් ඔප්පු කිරීමට යාම ද මෝඩ කමකි. මෙය අප විශ්ව නීතියට යටත්වීම යනුවෙන් හඳුන්වමු. කෙසේ නමුත් විශ්ව නීතියට අනුකුල වීම යනු සාර්ථක ජීවියකුට මාර්ග වේ. අංක විද්‍යාවෙන් පෙන්වන්නේ ද මෙම ස්වභාවික සත්‍යයයි. මේ නිසා අපට අංක විද්‍යාව ද විද්‍යාත්මක බව පිළිගන්නට සිද්ධ වේ.
‘‘මම මේ ඔයා ගැන හිතුවා විතරයි’’ කෙනෙක් ඔබට කියන්නට පුලුවන. අපි ඔයාලා ගැන හිතුවා විතරමයි තවත් විටෙක කියනු ඇත. ටෙලිපත් පණිවුඩ ක්‍රමය. ඉහත සඳහන් පාඨත් අපට පෙන්වන්නේ අංක විද්‍යාව සහ ඉහත පණිවිඩ අතර සබඳතාවයක් තිබෙන බවයි. එහෙත්  මේ පිළිබඳව තවම විශ්ලේෂණයක් කර නැත. එසේම එවන් තත්වයක් නැතැයි කීමට සාධක ද අපට නැත. එහි තේරුම විද්‍යාවට හසු නොවන තවත් හැඟීම් සමූහයක් මිනිසා සතුව තිබෙන බවයි. මේ ගැන පසුවට කථා කරමු.
 
ඩී ඇම්. ධර්මසේන.
 
අංකවල බලපෑම 1
 
විවිධ පැතිකඩ ඔස්සේ අංක විද්‍යාවේ ක්‍රමවේද සලකා බැලු අප මෙතැන් සිට අප ජීවිතයට එහි බලපෑම, කෙසේදැයි සලකා බලන්නට උත්සාහ කරමු. අංක '0' සිට '1' දක්වා හෝ '1' සිට '0' දක්වා හෝ අංක 9 ක් තිබෙන බව අප දනිමු. එය විවිධාකාරයෙන් සලකා කෝටි ගණනක් අංක සකස් කරන්නෙමු. එහෙත් මිලෙස ජීවිතයට බලපාන අංක ඇත්තේ 9 කි. අවසානය දැක්වෙන '0' ශුණ්‍යයක් ලෙස සලකන බැවිනි. මේ සඳහා අංක විද්‍යාව ගැන අධ්‍යයනය කළ විද්වත්හු ක්‍රමවේද 12 ක් දක්වා තිබේ. ඒ මෙසේය.
 
තනි අංකයක් ලෙස, ජන්ම අංකය ලෙස, නිපුනත්ව අංකය ලෙස, උපන් දින අංකය ලෙස, කර්ම අංකය ලෙස, සංයෝග අංකය ලෙස, උත්කෘෂ්ඨ අංකය ලෙස, අභියෝග අංකය ලෙස, සිද්ධි අංකය ලෙස, හෘද අංකය ලෙස, පරිචය අංකය ලෙස, පරම අංකය ලෙස වශයෙනි. මේවා වෙන්ව සලකා බැලිය හැකිය. මේ කුමන අංශයෙන් හෝ වේවා අංක සකස්කර ගත් ඔබ අවසානයේ සිද්ධි විග්‍රහ කළ යුත්තේ සියල්ල සමතුලිත කරගෙනය. වෙන් වෙන්ව මෙම ක්‍රම යටතේ අංක විග්‍රාහ කිරීමෙන් පලක් නැත. මේ සෑම ක්‍රමයක්ම අවබෝධ කරගෙන තුලනාත්මක ක්‍රමයක් සාදාගත යුතු වන්නේය. එසේ නොකර කෙනෙකු දෙස බලා සිටීමෙන් පමණක් විග්‍රහයක් කිරීමට උත්සහා නොකරන්න. සියල්ල එකම අංකයක් යටතේ සිද්ධ නොවිය හැකිය. පූර්ව ජන්ම ශක්තිය මෙහිදී බලපායි. කවර දිනයක උපන්නත් කවර ආකාර නමක් ලැබුවත් ජන්මත්තර කිර්ම බලවේගයෙන් මිදෙන්නට පුලුවන් කමක් නැත.
Loading...

Post a Comment

Powered by Blogger.