ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව තීරණය විය. 


මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවැත්වූ මෙම සකච්ච්චාවේදී එම ප්‍රතිව්‍යුහගත කිරීම කල් තැබීම සම්බන්ධව ක්‍රියාත්මක වන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු 11 වන දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යොමු අංක PED/S /SOEs RU/5/16 යටතේ ලිපියක් යොමු කොට ඇත.


අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම ලිපිය මේ වන විට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මඟින් ක්‍රියාත්මක  කොට නැත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදු කරනු ලබන අතර  2024 මාර්තු 15 දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම  ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයින් කැඳවීම නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.


මෙම රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමන කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගන්නා ලද එකඟතා තීරණයන් බල රහිත කිරීමට රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිළිගත නොහැක. මෙම කරුණ සම්බන්ධව ලිට්රෝ සුරැකීමේ සංවිධානය විසින් ඔබ පාර්ශවයන්ගේ මැදිහත්වීම අපේක්ෂා කොට මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.



Loading...
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

Powered by Blogger.